මෙම විහාරය 1 වැනි පරාක්‍රමබාහු රඡතුමා (ක්‍රි.ව. 1153 - 1186)විසින් කරන ලදුව 2 වෙනි පරාක්‍රමබාහු රඡතුමා විසින් පිළිසකර කරන ලද්දකි. (ක්‍රි.ව. 1236 - 1270) කාලය.
තිවංක පිළිමගෙය පළමු වරට පාදවන ලද්දේ ලංකා සිවිල් සේවයේ ඇස්.ඇම්. බරෝස් මහතා විසිනි.
(1885 - 1886) දිගින් අඩි 133 ක් ද පළලින් අඩි 68 ක් ද වන මෙම ගොඩනැගිල්ලේ බිත්ති අඩි 70 ක් පමණ උසකින් යුතුවේ. මෙම බිත්තිවල ඇඳ ඇති චිත්‍ර යුග දෙකකට අයත් බව බොහෝ විචාරකයින් විසින් හැඳිනගෙන ඇත. එම සිතුවම් මහනුවර යුගයේ චිත්‍ර ශෛලිය හා පොළොන්නරු යුග චිත්‍ර ශෛලිය පාදක කොටගනිමින් ඒචා ඇඳ ඇත. චිත්‍ර ඇඳ ඇති ස්‌ථාන අතර එම ගොඩනැගිල්ලේ ගර්භගෘහය (ප්‍රතිමා ගෘහය) සහ අන්තරාලයේ චිත්‍ර වශයෙන් බෙදා දක්‌වා තිබේ. එයින් ගර්භගෘහයේ චිත්‍ර වඩා පැරණි සිතුවම් වේ.
ටෙම්පරා සම්ප්‍රදාය හෙවත් වියළි බදාම මත චිත්‍ර ඇඳමේ ක්‍රමය (ප්‍රෙශ්කෝ සිකෝ) තිවංක පිළිමගෙයි සිතුවම් අතර වෙස්‌සන්තර ඡාතකය අසංඛවතී ඡාතකය සසඡාතකය තුණ්‌ඩාල ඡාතකය විධුර ඡාතකය චුල්ලපදුම ඡාතකය මෛත්‍රීබල ඡාතකය සාම ඡාතකය මහ සුදස්‌සන ඡාතකය කුස ඡාතකය මහා උම්මග්ග ඡාතකය මහමහා දෙවියගේ සිහිනය බුද්ධෝත්පත්තිය බුදුරදුන් දෙව්ලොව සිට සංකස්‌ස පුරයට හිණිමගේ වැඩම කිරීම විශේෂ නිර්මාණ චිත්‍රයන් වේ.
මෙම සිතුවම් අතර ඇති විශේෂ නිර්මාණ අතර දේවාරොහණ පුඡාව ඉතා උසස් චිත්‍රයකි. බුද්ධ චරිතයේ සිද්ධින් අශ්‍රයෙන් දෙවාරාධනාව- බුදුන් වහන්සේ සංකස්‌ස පුරයට වැඩම කිරීම මෙහි නිරූපිත වේ. මෙහි බුදුරුව පමණක් අඩි 08 ක් පමණ ප්‍රමාණයෙකින් යුතුවේ
තිවංක පිළිමගෙයි ඉදිරි කොටසේ චිත්‍ර මහනුවර චිත්‍රකලා ශෛලියට අනුරූපව ඇඳ ඇත. ඒවා අඛණ්‌ඩ කථන ක්‍රමයට අන්තර්ගතවන අයුරින් සිද්ධියෙන් සිද්ධිය නිරූපණය වන පරිදි සිතුවම් ගතකොට තිබේ.
ගර්භ ගෘහයේ ඇති (ඇතඑ කාමරයේ චිත්‍ර) ඉතා ම නිදහස් ශෛලියකින් ඇද ඇත. අතිශයින් ම දර්ශනිය සිතුවමක් වශයෙන් පිළිගැනෙන දේවාරාධනාවේ සිතුවම ඉන්දියාවේ අඡන්තා චිත්‍රවල එන 1 වෙනි ගුහාවේ අවලොකිතෙස්‌වර පද්මාපාණි බෝසත්රුවට සමානකමක් දක්‌වයි. මෙම නිර්මාණ වලින් පොලොන්නරු යුගයේ චිත්‍රකලාවට ආවේණික සිතුවම් ශෛලියක් නිරූපණය වේ.
මෙම සිතුවම මතුකරගෙන තිබෙන්නේ ඉන්දීය පුරාවිද්‍යා මණ්‌ඩලයේ රසායන විද්‍යාඥයකු වු කේ.බි. මහමද් සනාඋල්ලා මහතා විසිනි. එතුමා බිත්තියෙහි ගැලවී ගිය හුනුපතුරු යටින් ඇති සිතුවම් දැක ඇත. ඉන්පසු ඉතා සියුම්ව එම බදාම ඉවත් කර චිත්‍ර හැඳිනගැනීම සිදුකොට ඇත. වේගවත් බව, රිද්මායානුකුල බව, අවශ්‍ය තන්හි රේඛාව සිහින් කිරීම, පළල් කිරීම, දේහ ව්‍යුහවිද්‍යාව, ප්‍රමාණිකවය පිළිබඳ තොරතුරු තිවංක පිළිමගෙයි සිතුවම්වල පැහැදිලිව ම දක්‌නට ලැබේ.
මෙම ගොඩනැගිල්ලේ ගර්භ ගෘහයටත් අන්තරාලයටත් අතර කොටස් දකුණු පැත්තේ ඇති බුදුන් බෝසත් අවධියේ දී දෙවිවරුන් විසින් බුදුවන්නට කළ ආරාධනාව පිළිබඳ චිත්‍රය මුලින්ම හැඳිනගෙන ඇත්තේ ආචාර්ය සෙනරත් පරණවිතාන සුරීන් විසිනි.
නෙඑම් මල් අතින් ගත් එක් දෙවගනකගේ රූපයක් ද මෙහි පසෙක දක්‌නට ලැබේ. මෙය විශේෂ සිතුවමකි. මෙම රූව දේවරූප අතර නිරූපණය කොට ඇත. මල්කම් සහිත උස්‌වු ඔටුනු, ඒවා වටා දිගටි රශ්මිමාලා කුණ්‌ඩලාභරණ දේවරූපවලට සම්බන්ධ කොට ඇත. මෙම සිතුවම්වල මහියංගන දාගැබේ හමුවන දේවරූපවලට යම් සමාන තත්වයක් නිරූපණය වේ. මෙම චිත්‍රවල ඉතා දියුණු රේඛා ශෛලියක් අනුගමනය කර තිබීම ලාංකීය කලා ශිල්පියාගේ කුශලතාවය මනාවට කියාපාන්නකි.
තිවංක පිළිමගෙය ශිව දේවාලයක ආකෘතිය හෙවත් විඡයනගර කලා ශෛලියට නෑකම් කියන ගෘහනිර්මාණ ශෛලියක් නිරූපණය වන විහාරයෙකි. මෙහි අන්තරාලයෙහි චිත්‍ර දඹදෙණි යුගයට (ක්‍රි.ව. 1236-1270) අයත් යෑයි කියනු ලැබේ. එහෙත් එයින් බොහෝ සෙයින් නිරූපණය වී තිබෙන්නේ මහනුවර යුගයේ චිත්‍රකලා සම්ප්‍රදායෙහි එන චිත්‍රාවලී හෙවත් අඛණ්‌ඩ කථන ක්‍රමයයි. වෙස්‌සන්තර සස කිඳුරු චුල්ලපදුම තේමීය අසංකවතී තුණ්‌ඩි ගුත්තිල කුෂ ආදී ඡාතකකථා නිරූපණය කොට තිබෙනු තිවංක පිළිමගෙයි අන්තරාලය කොටස අධ්‍යයනය කිරීමෙන් හැදින ගතහැකිවේ. ද්විමාන ලක්‍ෂණ පළකෙරෙන පොලොන්නරු තිවංක පිළිමගෙයි චිත්‍ර ලාංකීය දේශිය කලාව පෝෂණය කිරීමට අතිශය දායකත්වයක් ලබාදේ.