පොළොන්නරුවේ තිවංක පිළිමගෙය ගල් විහාරයේ (උත්තරාමය) විද්‍යාධර ගුහාව ලංකා තිලකය පොත්ගුල් වෙහෙර චිත්‍ර පොලොන්නරු යුගයට අයිතිවන සිතුවම් ඇති ස්‌ථාන වේ. පොළොන්නරු යුගයේ චිත්‍රකලාව ප්‍රධාන වශයෙන් ලෞකික හා ආගමික වශයෙන් කොටස් දෙකකි.
1.ලෞකික චිත්‍ර කලාව
ලෞකික චිත්‍ර පිළිබඳ සාධක හමුවී නොමැත. ඒ පිළිබඳ කරුණු සොයාගැනීමට ඉවහල් වන්නේ මහාවංශයේ එන කථා ආදියයි. චුල වංශයේ එන ඇතැම් කරුණු අනුව පොලොන්නරුවේ විඡයොත්පාය සරස්‌වතී මැදුර දළදා මැදුර ආදියෙහි සිතුවම් තිබු බව පෙනී යයි.
12 සියවස
මෙම යුගයේ ආගමික සිතුවම් ඉතා ම දියුණු තත්වයක තිබු බව පෙනේ. දැනට ඡේතවනාරාමයේ ප්‍රධාන පටිමාගරය වන තිවංක පිළිමගෙය ට අයත් සහ ගල් විහාරයේ විද්‍යාධර ගුහාවේ ඇති චිත්‍ර කංචුක තුළින් 12 වන සියවසේ චිත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවේ. මහියංගනය ධාතුගර්භයේ හමුවු චිත්‍රවලින් හා එහි හමුවි ඇති කාසි සහ අක්‍ෂර චිත්‍ර වලින් ද පොත්ගුල් වෙහෙර කුටාගාර බිත්තියේ සිතුවම් කංචුක වලින්ද 12 වන සියවසේ සිතුවම් කලාව පිළිබඳ තොරතුරු හැඳිනගත හැකිවේ. බොහෝ චිත්‍ර විනාශයට පත්ව ඇත.