හුමාල තල බඹරයක් සෑදීම
 
මේ සදහා ප්‍රථමයෙන් පහත දැක්වෙන ද්‍රව්‍ය සියල්ල සපයා ගන්න.

1. පියන වැසිය හැකි ටින් එකක්.
2. ලෝහ තහඩුවකින් කපාබත් තල බඹරයක්.
3. කඳ සිහින් ඇණයක්.
4. පෑනක හිස් පෑන් කූරූ කැබැල්ලක්.
5. ඝනකම් ගැල්වනයිස් ලම්බි මීටර් 1 ක්.
6. අඩුවක් හා ජලය.
 

ඉහත රූපයේ දක්වා ඇති ආකාරයට තල බඹරය කම්බියේ තිරස් කොටසෙහි සවිකර ගන්න. (තල බඹරයේ කේන්ද්‍රය හරහා යවා ඇති පෑන් කූරූ කැබැල්ල මඟින් තල බමරය කරකැවීම පහසු කරයි).
 
එම කම්බිය සෘජුකෝණයකාර ලෙස නමා ගන්න.
පසුව එය ටින් එකට (එහි බඳට) කම්බිවලින්ම සම්බන්ධ කර ගන්න.
 
එකට සම්බන්ධ පියන ඇණයකින් සිදුරු කර ගන්න.
(හුමාල තල බඹරයට වදිනලෙස සවි කර ගන්න)
 
ටින් එකට ජලය ටිකක් දමාගෙන එය හොඳින් තදකර වසා ගන්න.
 
දැන් ටින් එක තෙපාවක් මත තබා දාහකයකින් රත් කරන්න.
 
ඒ ආකාරයෙන් රත්කරන විට හුමාලය පිට වෙයි.
හුමාලය පිටවීමේදී තල බඹරයට සිදුවන්නේ කුමක්දැයි නිරීක්ෂණය කරන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017