වායුවක් රත්කරන විට කුමක් සිදුවේද නිරීක්ෂණය කරමු.
මේ සදහා මුලින්ම පහත දැක්වෙන උපකරණ ලැයිස්තුව සකසා ගන්න.
1. හිස් බීම බෝතලයක්.
2. බැලූනයක්.
3. උණු ජලය සහිත බේසමක්.
2. බැලූනයක්.
3. උණු ජලය සහිත බේසමක්.
දැන් ඔබ බැලූනය ගෙන බෝතලයේ කටට ඉතා පරිස්සමින් සවි කරගන්න.

දෙවනුව බෝතලය උණු ජලය සහිත බේසමේ තබන්න.
සිදුවන දෙය නිරීක්ෂණය කරන්න.


මෙම පරීක්ෂණයට අනුව වාතය රත්වන විට හා සිසිල් කළ විට පරිමාවට කුමක් සිදුවේද?.
වායුව රත්වන විට පරිමාව වැඩි වෙයි (ප්‍රසාරණය වෙයි), වායුව සිසිල් වන විට පරිමාව අඩු වෙයි (සංකෝචනය වෙයි).
