1. ඇබය සහිත සමාන බොතල් 3 ක්.
2. පාට කළ ජලය හා පොල් තෙල්, භූමි තෙල් වැනි ද්‍රව්‍ය 3 ක්.
3. පෑන්වල හිස් පෑන් කූරු 3 ක් හෝ සිහින් වීදුරු නළ තුනක් (විනිවිධ දැකිය හැකි).
4. උණු ජලය සහිත දීසියක්.
මේ සදහා මුලින්ම බෝතල් ද්‍රවවලින් පුරවා ගන්න. ඒවාට හිස් පෑන් කූරු සහිත ඇබ සවි කරගන්න. (එසේ කළ විට හිස් පෑන් කූරුවල ද්‍රව මට්ටම තරමක් ඉහල යයි).
දැන් නළ තුළ ද්‍රව මට්ටම නිරීක්ෂණය කරන්න.
පසුව උණු ජලයෙහි ඇති බෝතල් ඉවතට ගෙන සිසිල් වන්නට තබා කුමක් සිදුවේදැයි නිරීක්ෂණය කරන්න.
ද්‍රවයකට තාපය සැපයූ විට හා තාපය ඉවත් කළ විට ද්‍රවවලට කුමක් සිදුවේද?.
ද්‍රවයකට තාපය සපයන විට පරිමාව වැඩි වේ, එනම් (ප්‍රසාරණය වේ) වන අතර තාපය ඉවත්කළ විට එනම් සිසිල් කළ විට පරිමාව අඩු වේ (සංකෝචනය වේ).
