ඝන ද්‍රව්‍යකට තාපය සැපයූ විට කුමක් සිදුවේදැයි දැන් අප නිරීක්ෂණය කරමු.
මේ සදහා මුලින්ම පහත දැක්වෙන උපකරණ ලැයිස්තුව සකසා ගන්න.
1. ඉස්කුරුප්පු ඇණයක්.
2. කුඩා ලී කුට්ටියක්.
3. කම්බි කැබැල්ලක් (සෙ.මී.25ක් පමණ).
4. ලී මිටක් හා ස්ප්‍රීතු ලාම්පුවක්.
ඉන් පසු එම උපකරන සියල්ල පහත රූපයේ දැක්වෙන පරිදි සාදා ගන්න.
ඉස්කුරුප්පු ඇණයේ හිසට වඩා තරමක් කුඩා ලෙස එනම් කම්බි මුදුව ඉස්කුරුප්පු ඇණයේ හිසින් ඇතුල් කළ නොහැකි වන සේ තරමක් කුඩාවඩ සාදා ගන්න.
කම්බියේ අනෙක් කෙළවර ලී මිටකින් සවිකර ගන්න.
ඉස්කුරුප්පු ඇණය ලී කුට්ටියට සවිකර ගන්න.
කම්බි මුදුව ඉස්කුරුප්පු ඇණයේ හිස තුලින් යැවිය හැකිදැයි බලන්න.
ඔබට කම්බි මුදුව ඉස්කුරුප්පු ඇණය තුලින් යැවිය නොහැකි බව පෙනෙනු ඇත.
මෙම ක්‍රියාකාරකමට අනුව ඝන ද්‍රව්‍යක් රත් කළ විට පරිමාවට කුමක් සිදුවේද?
ඝන ද්‍රව්‍යයක් රත්කළ විට පරිමාව වැඩිවේ (ප්‍රසාරණය වේ) , සිසිල් වන විට පරිමාව අඩු වෙයි (සංකෝජනය වේ).