ඉටි කැබැල්ලක් රත් කිරීම පරීක්‍ෂණය
  මෙම පරීක්ෂණය සඳහා ඉටිපන්දමක් හා ගිනිපෙට්ටියක් අවශ්‍ය වේ.                            <
 
  •  මුලින්ම ඉටිපන්දම දැල්වීම සඳහා එහි නූල වෙත ගිනි දැල්ලක් ගේන්න.

  • නූල අසලට ගිනි දැල්ල ගෙන ආ විට ඉටිවලට සිදුවන දේ නිරීක්ෂණය කරන්න.

  • දැල්වුනු ඉටිපන්දම ටික වේලාවකින් නිවා දමන්න.

  • එවිට එයින් පිටවන සුදු දුමාරයට ගිනි දැල්ලක් ඉක්මණින් අල්ලන්න.

  • එවිට නැවතත් ඉටි පන්දම දැල්වෙන අයුරු ඔබට දැක ගත හැක.
     
  • ඉටිපන්දමක් දැල්වීමට නූල අසලට ගිනිදැල්ලක් ගෙන ආ විට නූල වටේ ඇති ඉටි ද්‍රව බවට පත්වේ.
     
  • ඉන් පසු එම ද්‍රව ඉටි එහි නූල දිගේ ඉහලට ද්‍රව ඉටි ගමන් කරයි.
     
  • ගිනිදැල්ල මඟින් ඉටිපන්දමට තාපය ලැබේ. ඒ නිසා ඝන ඉටි ද්‍රව ඉටි බවට පත්වේ, ඉන් පසු ද්‍රව ඉටි, ඉටි වාෂ්ප බවට පත්වේ.
     
  • ඉටි වාෂ්පය ගිනිගෙන දැල්ලක් හට ගනී.අපට ඉටිපන්දමකින් අපට ආලෝකය ලැබෙන්නේ මෙමඟිනි.

  • දැල්ල නිවූ පසු නූල අසලින් පිටවන සුදු දුමාරය ඉටි වාෂ්පයි.

  • එවිට ඒ අසලට ගිනිදැල්ලක් ළං කළ විට ඉටි වාෂ්ප ගිනිගෙන නැවත ඉටි පන්දම දැල්වේ.
     
  • ද්‍රව්‍යක් පවතින අවස්ථාවෙන් වෙනස් කළ හැකි වෙනස් කළ හැකි අතර මෙම පරීක්ෂණය මීට කදිම උදාහරණයකි.
     
  • ඉටි පන්දමකට තාපය ලබාදීමෙන් හා තාපය ඉවත් කිරීමෙන් ඉටි පන්දම මුලින් පැවති අවස්ථාවෙන් වෙනස් වේ.
     
  • ඉටි වල ඇති එම විශේෂ හැකියාව පහත රෑපයේ දැක්වෙන පරිදි විවිධ තත්ව යටතේ විවිධ ස්වරෑප ගනියි.
(c) Shilpa Sayura Foundation 2006-2017