වායු වල ගූණ පරීක්ෂා කිරීම සදහා පහත දැක්වෙන පරිදි සිරින්ජය මඟින් ඔබේ අත්ල මත තබා අනෙක් අතෙන් සිරින්ජයේ පිස්ටනය තද කරන්න.
මෙවිට ඔබේ අත්ලට යම් පීඩයක් දැනෙනු ඇත.
මෙවිට ඔබ සිරින්ජයේ ඇති වායු කඳේ වයු පරිමාව දෙස බලන්න.
සිරින්ජයේ ඇති වායු කඳේ වයු පරිමාව මුල් අවස්ථාවට වඩා අඩුබව ඔබට පෙනෙනු ඇත.
එනම් වායුව යම්කිසි සම්පීඩනයකට ලක්වී ඇති බව ඔබට වැටහෙනු ඇත.
මෙලෙස වායුවක් ඉතා අධික පීඩනයකට ලක්කළහොත් වායුව ද්‍රවයක් බවට පත්වේ.
ගෑස් ලිප් සදහා භාවිතා කරන L.P ගෑස් සිලින්ඩර තුල ඇත්තේ අධික පීඩනයකට ලක්කර ද්‍රව බවට පත්කරය.