මෙම සිංහල කෙටි කතා කලාව අපේ සිංහල අපේ පැරණි ජාතක කතා කලාව සහ වෙනත් පැරණි සිංහල කතා වල නව විකාශනයක් හැටියට සඳහන් කළ හැකිය.
විශේෂයෙන්ම අපේ කෙටිකතා කරුවන්ට ලෝරන්ස්, ගීද මෝපසාං, තෝමස් හාඩි වැනි බටහිර ඉංග්‍රීසි කවි කතා කරුවන්ගේ කෙටිකතාවල අභාෂය ලැබී ඇත. එපමණක් නොව ඇන්ටන් චෙකෝෆ් වැනි රුසියානු කෙටි කතාකරුවන්ගේ ද අභාෂය කෙටි කතාකරණයේ දී අපේ කෙටි කතාකරුවන්ට ලැබී ඇත. මෙම බටහිර බලපෑමෙන් තොරව ලියන ලද කෙටි කතා අපේ සාහිත්‍යයේ නැතැයි කිව නොහැකිය.
එය අපේ සම්භාව්‍ය චිරත්තන සාහිත්‍ය කෘතිවලින් මනාව පැහැදිලි කරගත හැකිය. ජාතක පොත, සද්ධර්මලංකාරය, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, බුත්සරණ, අමාවතුර ආදී කෘතිවල දක්‌නට ලැබෙන කවි කතාවලින් එය පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ නූතන කෙටිකතා ඉතිහාසය ගැන සලකන විට එහි ආරම්භකයා හෙළදිව මහගත්කරු මාටින් වික්‍රමසිංහ වශයෙන් හදුන්වා දිය හැකිය.
ඔහුගේ මුල්ම කෙටිකතා සංග්‍රහය 1922 වර්ෂයේ දී පමණ නිකුත් කර ඇත. වික්‍රමසිංහයින්ගේ මෙම කෙටි කතාව 'ගැහැනියක්' නමින් එළි දක්‌වන ලදී.
මෙයින් පසුව කෙටි කතා රචනයෙහි යෙදුණු කෙටි කතාකරුවන් වශයෙන් ඩබ්ලිව්.ඒ. සිල්වා, ජී.බී. සේනානායක, ගුණදාස අමරදාස, හේමපාල මුනිදාස, ටී.ජී.ඩබ්ලිව්. සිල්වා, එදිරිවීර සරච්චන්ද්‍ර, කේ. ජයතිලක, මඩවල එස්. රත්නායක, ඒ.වී. සුරවීර, මිනිවන් පී. තිලකරත්න, පියසිලී විජේමාන්න සහ තවත් බොහෝ ප්‍රවීන සහ ආධුනික කෙටි කතාකරුවන් දැක්‌විය හැකිය.