කෙටි කතාවක දක්‌නට ලැබෙන විශේෂ ලක්‌ෂණය නම්, එහි සංක්‍ෂිප්ත භාවයයි. එය එක් චරිතයකට හෝ චරිතාංගයකට හෝ සීමා වේ.
ඇතැම් විට ඇතැම් කෙටි කතාවකට චරිත කීපයක් ඇතුළත් විය හැකි නමුත් එය පුළුල් පරාසයක ව්‍යාප්ත වී යාමක් සිදු නොවේ. කෙටි කතාවේ සුවිශේෂ ලක්‌ෂණය ලෙස දැක්‌විය හැක්‌කේ එහි එහි සංක්‌ෂිප්ත බවය.
නූතන කෙටි කතාව මෙන්ම පැරණි කෙටි කතාව ද ඉතා සංක්‌ෂිප්ත බව අපේ සිංහල ඉපැරණි බණ කතා වෙත අවධානය යොමු කරන විට දැකිය හැකිය. මේ නිසා අප මෙහිදී අවධානය යොමු කළ යුත්තේ, නූතන කෙටි කතා සම්ප්‍රදාය පහළ වීමටත් පෙර සිටත්, සම්භාව්‍ය පැරණි සිංහල සාහිත්‍යයෙහි කෙටිකතා වැනි කතා විශේෂයක් තිබුණු බවය.
නූතන සිංහල කෙටි කතාවේ ආරම්භය ඉතා ඈත වූවක් නොවේ. එහි ආරම්භය ඇති වූයේ 19 වන සියවසේදී ය. එසේ ආරම්භ වු කෙටි කතාවක අන්තර්ගත විශේෂ ලක්‌ෂණ රාශියක් වෙයි. එම ලක්‌ෂණ මෙලෙස පෙළගැසිය හැක.
* කෙටි කතාවක සිද්ධිමාලාවක් ගලා යයි, එය එහි විශේෂ ලක්‌ෂණයකි.
* එසේම එම කෙටි කතාව ප්‍රස්‌තුත තේමාව පිළිබඳ ඉදිරියට ගලා යන්නේ හේතුඵල න්‍යාය අනුව චරිත විකාශනය වීමෙනි. එය එහි ඇති තවත් ලක්‌ෂණයකි.
* කෙටි කතාවක චරිත සජීවි තත්ත්වයෙන් හැසිරිය යුතුය. එම සජීවි චරිත ක්‍රියාකාරිත්වය කෙටි කතාවක දක්‌නට ලැබෙන තවත් විශේෂ ලක්‌ෂණයකි.
* කෙටි කතාවක් සාර්ථක වීම සඳහා භාෂා ප්‍රයෝග ඉතා වැදගත් වේ. ඒ අනුව විවිධ භාෂා ප්‍රයෝග යොදා ගැනීම කෙටි කතාවක සාර්ථකත්වය මැනීමේ විශේෂ ලක්‌ෂණයක් වන්නේය.
* එසේම කෙටි කතාව තුළ වැදගත් සංවාද සිදුවේද ? එසේම විවිධ සංකේත භාවිත කිරීම තුළින් කෙටි කතාවේ මෙන්ම එම කතාව තුළ භාෂාමය අපූර්වත්වයක් ගොඩනැගීමට හැකිවේද එම සංවාද, සංකේත හා ඒවා ඇසුරු කොට ඉදිරිපත් කෙරෙන භාෂා අපූර්වත්වයද කෙටි කතාවේ වැදගත් ලක්‌ෂණයක් වෙයි.
* කෙටි කතාවක වැදගත්ම ලක්‌ෂණය වන්නේ එය කලාත්මක අගයකින් යුක්‌තව ඉදිරිපත් කිරීමය. කෙටි කතාවේ මෙම කලාත්මක අංශය සජීවි තත්ත්වයට පත් කිරීම සඳහා ලේඛකයා උපයෝගි කරගන්නා, භාෂා ලක්‌ෂණ භාෂාවේ සජීවත්වය, සංකේත භාවිතය මූලික වශයෙන් හේතු වන්නේය.
* කෙටි කතාවක සාර්ථකත්වය රදා පවත්වා ගැනීම එහි ප්‍රධාන චරිතයක ක්‍රියාකාරිත්වය දක්‌නට ලැබීමද වැදගත් කෙටි කතාවක අන්තර්ගත ලක්‌ෂණයකි.
* කතා වින්‍යාසය නිසි පරිදි ගලා යන ආකාරයෙන් සංගෘහිත වී තිබීමද කෙටි කතාවේ තවත් ලක්‌ෂණයකි. සියල්ල එකට ගොනු වී තිබීමත් මෙම කතා වින්‍යාසය තුළ තිබිය යුතුය.
* කෙටි කතාවක් ගොඩනැංවීමේ දී එය සාර්ථක කෘතියක් වීමට නම් ලේඛකයාගේ පරිකල්පන ශක්‌තිය එම කෙටි කතාව තුළින් ප්‍රදර්ශනය විය යුතුය. එවැනි පරිකල්පනය ප්‍රදර්ශනය වීමක් දක්‌නට ලැබේ නම් එයද කෙටි කතාවක සාර්ථකත්වය සඳහා වූ ලක්‌ෂණයක් වන්නේය.
* කෙටි කතාවක තවත් වැදගත් ලක්‌ෂණයක් වන්නේ අනවශ්‍ය අතුරු කතා, අතුරු සිද්ධි ආදිය ඇතුළත් නොකිරීමය.
