මුද්‍රා නාට්‍ය (ඉඟනළු) බැලේ.
  මුද්‍රා නාට්‍ය සංකල්පය ගතහොත් වාචික අභිනයට එහි කිසිදු ඉඩක්‌ නොලැබේ. මුද්‍රා නාට්‍යකඳී ප්‍රධාන වශයෙන්ම කැපී පෙනෙන්නේ නර්තනයයි. නමුත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද බොහෝ මුද්‍රා නාට්‍යවල ගීත අන්තර්ගත වේ. දේශීය මුද්‍රා නාට්‍ය ක්‍රමය ඉඟිනළු යන නමින් ඇතමුන් හඳුන්වන්නේ එකී හේතුව නිසාය.
 
 අපරදිග මුද්‍රානාට්‍ය කලාව ආරම්භ වූයේ යැයි සැලකෙන්නේ ප්‍රංශයේ දාහතර වන ලුවී රජතුමාගේ කාලයේ දී ය. එය ප්‍රංශයෙන් ඇරැඹී ඉතාලිය, බි්‍රතාන්‍යය, ස්‌පාඥඥය, පෝලන්තය, රුසියාව, ජර්මනිය, වැනි රටවලටත් ව්‍යාප්ත විය. එම මුද්‍රා නාට්‍ය ක්‍රමය හැඳින්වූයේ බැලේ යන නාමයෙනි. එම බටහිර මුද්‍රා නාට්‍යවලදී වාචික අභිනය යොදා නොගන්නා ලඳී.
 
 ශ්‍රි ලංකාවේ මුද්‍රා නාට්‍ය කලාව ගැන ප්‍රබෝධයක්‌ ඇති වූයේ 1934 වසරේ දී රවින්ද්‍රනාත් තාගෝර් තුමාගේ ලංකා ගමනත් සමගිනි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ලාංකික කලා ශිල්පීන් ප්‍රථම කොට භාරතීය නර්තන ක්‍රමයන් උපයෝගී කර ගනිමින් මුද්‍රා නාට්‍ය නිර්මාණයට පිවිසියහ. දේශිය නර්තන ක්‍රමයන් හා බැඳි චලන ක්‍රම උපයෝගී කර ගනිමින් මුද්‍රානාට්‍ය නිර්මාණයට කලා ශිල්පීන් උනන්දුවක්‌ දැක්‌වූ යේ පසුකාලයේ දීය. මේ අතර සමහරක්‌ ශිල්පීන් බටහිර මුද්‍රා නාට්‍යයන්හි ආභාෂය ද මේ සඳහා යොදා ගත්හ. මෙසේ දේශීය නැඹුරුව ශ්‍රී ලංකික මුද්‍රා නාට්‍ය කාලවට ඇතුළත් වූයේ 1950 දශකයෙන් පසුවය.
 
 මුද්‍රා නාටටකයක්‌ යනු කිසියම් සිද්ධියක්‌, අවස්‌ථාවක්‌ හෝ කථා වස්‌තුවක්‌ එහි අදහස්‌ තීව්‍රව ඉදිරිපත් කළ හැකි ආකාරයෙන් නිර්මාණය කරන ලද සංගීතයට අනුව, වාචික අභිනයෙන් තොරව නර්තනය මාධ්‍ය කොට ගෙන ඉදිරිපත් කිරීමයි. ශ්‍රි ලංකාවේ නිර්මාණය කරන ලද බොහෝ මුද්‍රා නාට්‍ය වලට ගීත අන්තර්ගතව ඇතත් ඒවා ගායනය කරන්නේ පසුබිමෙනි.
 
 ශ්‍රි ලංකාවේ නිර්මානය කළ පැරණිම මුද්‍රානාට්‍ය ලෙස බොහෝ දෙනා පිළිගන්නේ සීබට්‌ ඩයස්‌ ගේ "සිරිසඟබෝ" ය.
 චිත්‍රසේන සහ වජිරාගේ - නලදමයන්ති, කරදිය, ගිනිහොරා, කිංකිණි කෝලම, ශිවරංග
 ප්‍රේම කුමාර එපිටවලගේ - සැළලිහිණියා, තිත්ත බත, පරෙවියා, දිය වන්නාව.
 පණිභාරතගේ - හත්පත්තිනි ග්‍රහ අපලය
 වසන්ත කුමාරගේ - පුෂ්පශෘංගාරය, භාවචලන.
 ඩබ්ලිව්. ඩී. මකුලොලුවගේ - පහනෙන් පහන, ගමට ඉර පායයි.
 වැනි නිර්මාණ ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත වඩාත් ජනප්‍රිය වු මුද්‍රා නාට්‍ය නැතහොත් ඉඟිනළුවලින් කිහිපයකි. 
 
(c) Shilpa Sayura Foundation 2006-2017