ගීත නාට්‍ය ( ඔපෙරා )
  පෙර කී නාට්‍ය ක්‍රම දෙකට වඩා ගීත නාටකය වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනී. මෙම නාට්‍ය ක්‍රමයේදී ද වඩාත් ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමිකර ගන්නේ වාචික අභිනයයි. නළු නිළියන් තමන්ගේ දෙබස්‌ සියල්ලම ඉදිරිපත් කරන්නේ ගීතයක්‌ අනුව යමිනි.
 
 මෙහිදී නළු නිළියන්ම ගායනයේ යෙදේ. රඟපෑම ගායනය යන අංග දෙකෙහිම දකෂතා නළු නිළියන් වෙත තිබිය යුතු නිසා ගීත නාටකවල රඟපෑම තාත්වික නාට්‍යවල රඟපානවාට වඩා අසීරු කාර්යයකි. ප්‍රේමසිරි කේමදාසගේ "නව රැල්ල", "කැලෑමල්", "මානසවිල" යන නාට්‍ය ගීත නාටක සඳහා නිදසුන් ලෙස ඉදිරිපත් කිරීමට පුළුවන.
(c) Shilpa Sayura Foundation 2006-2017