සාත්වික අභිනය
  කේන්තියට පත් වූ විට කෙනෙකකුගේ මුහුණ කළුවෙයි. මුහුණේ මස්‌පිඬු තදවෙයි. දත් කූරු කැවෙයි. ඇස්‌ විවර වෙයි. තොල් පෙති සැලෙයි. එසේම ලැජ්ජාවට පත් වූ විට මුහුණ රතුවෙයි. ඇස්‌ කුඩාව බැල්ම බිමට යොමුවෙයි. දෙතොල් සපාගනී. මෙසේ මුහුණේ ඇතිවන විවිධ වෙනස්‌කම් මගින් ඔහු කේන්තියෙන් සිටින්නේද? නැතහොත් ලැජ්ජාවට පත්ව සිටින්නේ ද? යන්න පහසුවෙන් තේරුම් ගත හැකිය.

 කිසියම් නාට්‍යයක රඟපාන නළුවෙකුට හෝ නිළියකට එවැනි අවස්‌ථාවක්‌ නිරූපණය කරන්නාට වූවා යැයි සිතන්න. එවිට එම නළුවා හෝ නිළිය එම අදහස වචන භාවිතයෙන් තොරව තම මුහුණේ ඇස්‌, ඇහිබැම, මුහුණේ මස්‌ පිඬු, දෙතොල් ආදී අංගෝපාංගයන් හි චලන මගින් ප්‍රකාශ කරන්නේ නම් අපි එය සාත්වික අභිනයෙන් අදහස්‌ ප්‍රකාශ කිරීමක්‌ ලෙස හඳුන්වමු. මේ අනුව ලැජ්ජා, භය, ක්‍රෝධය ජුගුප්සා, කරුණා, ශෘංගාර ආඳී භාවයන් මුහුණෙන් ප්‍රකාශ කරන්නේ නම් එය "සාත්වික අභිනනයයි"
(c) Shilpa Sayura Foundation 2006-2017