ඔබ මුහුදු වෙරළේ සිටින්නේ යැයි සිතන්න. ඔබේ පාවහන් ගැලවී රළ පහරට ගසාගෙන යයි. ඔබ කෙතෙක් උත්සහා කළත් ඒවා ගැනීමට ඔබට හැකියාවක් නැත. ඔබේ මිතුරු මිතුරියන් සිටින්නේ ඔබ සිටින තැනට තරමක් දුරිනි. මුහුදේ ඝෝෂාව නිසා ඔබ කථා කරන දේ ඔවුනට ඇසෙන්නේ නැත. එවැනි අවස්‌ථාවක වහා පැමිණ තමන්ට උදව් වන ලෙස ඔබ ඔවුන්ට ප්‍රකාශ කරන්නේ කෙසේ ද? ඔබ කෑ ගසනු ඇත.
ඔබේ කෑ ගැසීම නොඇසෙන නිසා ඔබ ඔවුන් දෙ අත් වනා කථා කරනු ඇත. විවිධ ඉඟිමගින් ඔබේ අවශ්‍යතාවය ප්‍රකාශ කරන්නට උත්සහා කරනු ඇත. එවිට ඔබේ මිතුරන් ඔබ වෙත දුව එන්නේ ඔබේ කෑගැසීම ඇසුණ නිසා නොවේ. ඔබේ ඉඟිය ඔවුන් තේරුම් ගත් බැවිනි. ඔබ එහදී යොදා ගත්තේ ආංගික අභිනයයි. මෙසේ නාට්‍යමය අවස්‌ථාවකඳී අංග චලන භාවිතයෙන් අදහස් ප්‍රකාශ කිරීම ආංගික අභිනය යනුවෙන් හැඳින්විය හැකිය.

![](/sayura/images/logo2.png)