වාචික අභිනය
  අප්පුහාමි : ඒයි ජසයා....... ජසයා ( මහ හඬින් කෑගසයි )
 ජසයා : මොකද නිකං හෙණ ගැහිච්ච වාගෙ. ජසයා.... බසයා... කසයා... ගාන්නෙ ගහනවා පයින් බෙල්ල කෑල්ල ගැලවිල යන්න.
 අප්පුහාමි : මොකද යකෝ නිකං මුණු මුණු ගාන්නෙ? මට ඇහුණා බෙල්ල කැඩෙන කතාවක්‌ කියනවා වගේ. අපි ගැහුවොත් උඹලගෙ බෙල්ල කැඩිල යනව තමයි.
 ජසයා : අපේ ද?
 අප්පුහාමි : ඔව් තොපේ මිසක්‌ අපේ ද?
 ඉහතින් දැක්‌වූයේ පහතරට සම්ප්‍රදායේ එන " ජස කෝලමෙන් " උපුටා ගත් සංවාද කොටසකි. කවර හෝ නාට්‍යකදී මෙසේ වචන භාවිත කොට අදහස්‌ ප්‍රකාශ කිරීම " වාචික අභිනය " ලෙසින් හැඳින්විය හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017