නිමාවක්‌ ඇති මුද්‍රා නාට්‍යයක්‌ නිර්මාණය කිරීම.
  අප මෙතෙක්‌ සාකච්ඡා කළ එකිනෙක අංග එක්‌තැන් කළ විට නිමාවක්‌ සහිත මුද්‍රා නාට්‍යයක්‌ ගොඩනගා ගත හැකි වනු ඇත. කලා කෘතියක අගය රඳාපවතින්නේ වෙන වෙනම එක්‌ එක්‌ අංගයේ නොවේ. උදාහරණයක්‌ ලෙස ගත හොත් කැවුම් ගෙඩියක රසය ඇත්තේ පිටිවල, සීනිවල, හෝ තෙල්වල නොවේ. ඒ එකිනෙක දේ වෙන වෙනම ගත්කල ඒවාට ආවේණික වූ රසයක්‌ පවතී. කැවුම් ගෙඩියක රසය දැනෙන්නේ ඒ සියල්ල එක්‌ තැන්කර කැවුමක්‌ පිසගත් විටය. මුද්‍රා නාට්‍යයක කාර්යය ද එයට සමානය. එහි එකිනෙක කොටසේ වෙන වෙනම ගෙන අගය කළ නොහැකිය. රස වින්දනය කළ නොහැකිය. එහි රසය ඇත්තේ මේ සියල්ල එක්‌තැන් කරගත් විටය. සමස්‌තය තුළය.
 
 දුන් ඔබේ කාර්යය විය යුත්තේ මුද්‍රා නාට්‍යයක්‌ සඳහා සුදුසු තේමාවක්‌ ගෙන මෙතෙක්‌ අප සාකච්ඡා කළ දේ සැලකිල්ලට ගෙන එවැන්නක්‌ නිර්මාණය කිරීමයි.
(c) Shilpa Sayura Foundation 2006-2017