පසුබිම් ගායන වාදන යොදා ගැනීම.
  මුද්‍රා නාට්‍යයක්‌ නිර්මාණය කිරමේ දී ඉතාමත් භාරධූර වගකීම වන්නේ පසුබිම් සංගීතය ගොඩනගා ගැනීමයි. සංගීතයට ඉතාමත් වැදගත් ස්‌ථානයක්‌ හිමිවන බැවින් මුද්‍රා නාට්‍යයේදී ඒ පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කළ යුතුය. මුද්‍රා නාට්‍යයකදී යෙදිය යුතු සංගීතය කුමක්‌ ද යන්න පැහැදිළි කර දැක්‌වීම දුෂ්කර කාර්යයකි. ඔබට මේ සඳහා සම්ප්‍රදායික භාණ්‌ඩ, ආදේශ භාණ්‌ඩ හෝ වෙනත් සංගීත භාණ්‌ඩ යොදා ගත හැකි වේ. කවර ක්‍රමයක්‌ අනුගමනය කළේ වී නමුදු වඩාත් වැදගත් වන්නේ චරිත නිරූපණයට උචිතවන ආකාරයේ පසුබිම් සංගීතයක්‌ ගොඩනගා ගැනීමයි. 
 
(c) Shilpa Sayura Foundation 2006-2017