මෙය ඉතා වැදගත් කාර්යයකි. මුලින් අපි සාකච්ඡා කළ තේමාවේ පෙළ ගැස්‌ම බලන්න. එහි ක්‍රමික අනු පිළිවෙළක් දක්‌වා ඇත. චරිත පෙළ ගැස්‌වීම යනු තේමාවට උචිත අයුරින් අනුක්‍රමික ගලා යාමක් ඇති කිරීමයි. අප යොදාගත් තේමාවේදී වනය ගස් කොළන්, වනසතුන් මුල් අදියර වශයෙන් කුරුල්ලන් පියාඹා ඒම ඉන් අනතුරුවත් යෙදිය හැකිය. කුරුල්ලන් කෑම සොයා පියාඹන අතර අනෙක් සතුන් ද වනයේ එක් එක් තැන්වල සිටිනු දැක්‌වීම උචිත වේ. ඉන් අනතුරුව වැදි පිරිස එන විට අනෙක් වන සතුන් ද වනයේ එක් එක් තැන්වල සිටිනු දැක්‌වීම උචිත වේ.
ඉන් අනතුරුව වැදි පිරිස එන විට අනෙක් වන සතුන් පලායෑම නැතහොත් වේදිකාවෙන් ඉවතට යෑම වඩාත් යෝග්‍ය වේ. එවිට කුරුල්ලන් කෙරෙහි වෙනම අවධානයක් පවත්වා ගැනීමට වඩා හොඳ අවස්‌ථාවක් ලැබෙනු ඇත. අවශ්‍ය අවස්‌ථාවන්හිඳී අවශ්‍ය චරිත පමණක් තබා ගැනීම, අනවශ්‍ය චරිත බැහැර කිරීම වඩාත් විශේෂ චරිත සඳහා වැඩි අවධානයක් යොමු කිරීම වැනි සංවිධානාත්මක වැඩ පිළිවෙලක් චරිත පෙළගැස්‌වමේ දී අනුගමනය කළ යුතු වේ. වඩාත් හොඳ නිර්මාණයක් බිහිකළ හැක්‌කේ එවිටය.