එක්‌ එක්‌ චරිතවල සුවිශේෂ ලක්‌ෂණ හඳුනා ගැනීම.
  මෙහි එන චරිත එහි ස්‌වභාවය අනුව කොටස්‌ කර හඳුනා ගත හැක.
 
 ස්‌ථිතික චරිත - ගස්‌ වැල්
 සංචාර චරිත - සතුන් හා මිනිසුන්

 
 ස්‌ථිතික චරිත යනු එකම ස්‌ථානයක රැඳී සිටින චරිතයි. කැලයේ ගස්‌ වැල් තැනින් තැනට යන්නේ නැත. එවැවින් වේදිකාවේ සුදුසු ස්‌ථානයක ඒවා රඳවා තැබිය යුතුය.
 සංචාර චරිත යනු තැනින් තැනට යන චරිතයි. සතුන් කුරුල්ලන්, මිනිසුන් එවැනි චරිතයන්ය. සත්ව චරිත වශයෙන් අපි තෝරා ගන්නේ මුවා, අලියා, සහ වඳුරා චරිතයන්ය. මුවා අහිංසක සතෙකි. ඌ තණ පඳුරු උලා කයි. ගමනේ ඇත්තේ කලබල සහ විමසුම් සහිත බවකි. බිය සුලුය. අලියා තේජසකින් යුක්‌තය. ගස්‌ අතකු කඩා ගනී. ගමන කලබල සහිත නැත. සංවරය. අභිමානවත්ය. වඳුරා කලබල සහිතය, විසුළු සහිතය. ගසින් ගසට මුවාවෙමින් පනිමින් යෑම, සැඟවීම, කලබලයෙන් දිවීම එම සතාගේ චරිත ලකෂණයි. කුරුල්ලෝ රංචුවක්‌ ලෙස සිටිති. පියාඹා යති. විමසුම් රහිතය. කලබල සහිතය. යුගල වශයෙන් එක්‌ව සිටිති.
 
 වැද්දෝ රළු ස්‌වභාවයෙන් යුක්‌තය. දැඩි විමසුම් සහිතය. ගමනේ යෙදෙන්නේ ඉතාම පරිස්‌සම් සහිත ලෙසය. හඬ නොනැගෙන සේ සීරුවෙන් පාද තබති. දැඩි විමසුම් සහිත බවක්‌ ඇත. ක්‍රියාවේඳී කඩිසරය.
 මේ අයුරින් අප තෝරා ගත් චරිතයන්හි සුවිශේෂතා මොනවාද යන්න හොඳින් විමසා බැලිය යුතුය. චරිතයේ විශේෂ ලක්‌ෂණ හඳුනා ගත් තරමට නිර්මාණ කාර්යය පහසු වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017