ඉහත දක්‌වා ඇති තේමාව ඇසුරෙන් තෝරා ගත හැකි චරිත මොනවා දැයි බලන්න. මෙහි චරිත කොටස් තුනකට වෙන්කර ගත හැකියි.
* ගස් - වැල්
* කැලෑවේ සතුන් (වනසතුන් හා කුරුල්ලන්)
* වැදි පිරිස
ඔබේ නිර්මාණයට දායක කරගත හැකි සංඛ්‍යාවට අනුරූපව මෙහි චරිත සීමා කර ගැනීම හෝ වැඩි කර ගැනීම කළ හැකිය. කැලෑවේ ගස් - වැල්- ගල් කුළු - දිය පහරවල් - පිපුණු මල් යනාඳී වශයෙන් ඒ තුළින් අවශ්‍ය තරම් චරිත ගොඩ නගාගත හැකිය.
කැලෑවේ සතුන් තෝරාගැනීමේදී ද එසේම ය. අලි, කොටි, මුව, වඳුරු, වග වලස් ආදී වශයෙන් කැලෑවේ ජීවත් වන සතුන් ද කුරුලු රංචුව වෙනම කණ්‌ඩායමක් වශයෙන් ද වෙන් කොට ගත හැකිය. ඔබේ පිරිස සීමාසහිත වන්නේ නම් කැලෑවේ අනෙකුත් සතුන් නොයොදා කුරුලු පිරිස පමණක් යොදා ගත හැක.
වැදි පිරිසද එසේය. නිර්මාණය කරන්නාගේ අවශ්‍යතාවය පරිදි එක් චරිතයක සිට චරිත කිහිපයක් දක්‌වා වැඩි කරගත හැකිය. වැදි පවුලක පිරිසක් ලෙස හෝ පිරිමි කණ්‌ඩායමක් ලෙස හෝ මිශ්‍ර කණ්‌ඩායමක් ලෙස සුදුසු සංඛ්‍යා තෝරා ගත හැකිය. අප මෙහිදී පහත සඳහන් සංඛ්‍යා තෝරා ගන්නේ යැයි උපකල්පනය කරමු.
ගස් වැල් සඳහා 08
මුවා, අලියා, වඳුරා 03
කුරුල්ලන් රංචුව 06
වැද්දන් 03
මේ අනුව මුළු සංඛ්‍යාව 20කට සීමා වේ. මේ සංඛ්‍යාව අවශ්‍යතාවය අනුව අඩුවැඩි කර ගැනීමේ නිදහසක් ඇත.