මුද්‍රා නාට්‍ය නිර්මාණයේදී අප විසින් කළ යුතු පළමු කාර්යය වන්නේ තේමාවක් තෝරා ගැනීමයි. තේමාවක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් ඇත. මුද්‍රා නාට්‍යයක් සඳහා තේමාව සුදුසුවීම, නැතහොත් අදාළත්වය ඒකාංගික නාට්‍යයක් ලෙස සකස් කර ගැනීමට ඇති ඉඩකඩ, විවිධ චරිත ඇතුළත් වන බව, නාට්‍යමය අවස්‌ථා මතු කර ගැනීමට ඇති ඉඩ, රසවත් බව වයස් මට්‌ටමට ගැළපෙන බව, යනාදී වශයෙන් විවිධ කෙෂ්ත්‍ර පිළිබඳව නිර්මාණයේ යෙදෙන්නා සෑහීමකට පත්විය යුතුය.
මෙම කරුණු පහසුවෙන් තේරුම් ගැනීම සඳහා අප හොඳින් අසා පුරුදු කථාවක් නිදර්ශනයක් ලෙස ගනිමු.
තේමාව :-
* එක් සුන්දර වනාන්තරයකි.
* වනාන්තරයේ සතුන් අතර නිදහසේ කෑම සොයා යන කුරුල්ලෝ රංචුවකි.
* මෙම කුරුලු රැළ සිය දැලට කොටුකර ගැනීමට මාන බලන වැදි පිරිසක්.
* කුරුල්ලන් අල්ලා ගැනීමට උගුලක් ලෙස එළිමහන් බිමක ධන්‍ය විසුරුවා හරියි.
* කුරුල්ලෝ ඒ මත වසති. සැඟව සිටින වැදි පිරිස කුරුල්ලන් අල්ලා ගැනීමට උන් මත දැල එලති.
* සමගියෙන් බැඳුණු කුරුල්ලෝ දැලත් රැගෙන පලාගොස් කටු අකුලක දැල රඳවා දිවි බේරා ගනිති.
* වැද්දෝ නැවත වතාවක් උගුල අටවති.
* කුරුල්ලෝ නැවන පැමිණෙති.
* ඔවුන් අතරේ අසමගියක් හටගනී.
* වැද්දෝ දැලට කොටු වී සිටින කුරුල්ලන් අල්ලා මරා සිය පැස පුරවා ගනිති.
මෙහි දක්‌වා ඇති තේමාව බලන්න. එය ඒකාංගික නාට්‍යයක් ලෙස ඉදිරිපත් කිරීමට සුදුසු එකකි. එය කුඩා අවස්‌ථා දහයකට බෙදා ඇත. එසේ එකිනෙක අවස්‌ථා වෙන්කර ඇත්තේ නර්තන, ගායන, වාදන නිර්මාණය කිරීමටත් චරිත වෙන්කර හඳුනා ගැනීමටත් පහසු වීම සඳහා ය.