ඒකාංගික මුද්‍රා නාට්‍යක්‌ නිර්මාණය සඳහා උපදෙස්‌.
  මුද්‍රා නාට්‍යයක්‌ යනු අංක හෙවත් ජවනිකා කිහිපයකින් යුක්‌ත වූවකි. ඒකාංක මුද්‍රා නාට්‍යයක්‌ යනු එක්‌ ජවනිකාවක්‌ පමණක්‌ යුක්‌ත වූවකි. අප විසින් කළයුතු වන්නේ එවැනි නාට්‍යයක්‌ නිර්මාණය කිරීමයි. ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ.
 
 * තේමාවක්‌ තෝරා ගැනීම.
 * තේමාවට අදාළ චරිත තෝරා ගැනීම
 * එක්‌ එක්‌ චරිතවල සුවිශේෂ ලක්‌ෂණ හඳුනාගැනීම.
 * චරිත ලක්‌ෂණ ඉස්‌මතු වන සේ නර්තන නිර්මාණය.
 * මුද්‍රා නාට්‍ය විකාශනය වන සේ චරිත පෙළගැස්‌වීම.
 * පසුබිම් ගායන වාදන උචිත පරිදි යොදා ගැනීම.
 * නිමාවක්‌ ඇති මුද්‍රා නාට්‍යයක්‌ නිර්මාණය කිරීම.
(c) Shilpa Sayura Foundation 2006-2017