දැඩිබව, හැඩය, පරිමාව, පැතිරයාමේ හා සම්පීඩන හැකියාව
 

දැන් අපි යම් කිසි ඝනයක, ද්‍රවයක, වායුවක දැඩිබව, හැඩය, පරිමාව, පැතිරයාමේ හා සම්පීඩනයේ ඇති හැකියාව යන අවස්ථාවන් කීපය විමසා බලමු.

  

මේ සදහා ඔබ ඝන, ද්‍රව හා වායු යන අවස්ථා තුනේ පවතින ද්‍රව්‍යය කීපයක් හා පහත දැක්වෙන පරිදි වූ විවිධ හැඩති වීදුරැ භාජන කීපයක් සොයා ගත යුතුය.

 

 

ඝන, ද්‍රව හා වායු යන අවස්ථා තුනේ පවතින ද්‍රව්‍යය සදහා පහත දැක්වෙන ද්‍රව්‍යය සොයාගන්න.

 

ඝන ද්‍රව්‍යය ලෙස

1). කුඩා ගල් කැබලි කීපයක්.
2). රබර් බෝලයක්.
3). ලී කැබලි කීපයක්.

 

ද්‍රව ලෙස


1). ජලය.
2). පොල් තෙල්.
3). භූම් තෙල්.

 

වායු ලෙස


1). විශ නසන ලද සිරින්ජයක් තුලට දමාගත් අප අවට ඇති වායුගෝලය භාවිතා කරමු.

(c) Shilpa Sayura Foundation 2006-2017