ශ්‍රී ලාංකික මුද්‍රා නාට්‍ය
 


අප මෙතෙක්‌ පොදුවේ පෙරදිග සහ අපරදිග මුද්‍රා නාට්‍ය පිළිබඳව කරුණු කිහිපයක්‌ සාකච්ඡා කළෙමු. ඒ අනුසාරයෙන් දේශීය මුද්‍රා නාට්‍ය පිළිබඳව කරුණු සංක්‌ෂිප්තව හෝ සලකා බැලිය යුත්තේ පන්තිකාමරය තුළඳී අප කරන නිර්මාණ කාර්යයේ දී එය ප්‍රයෝජනවත් වන හෙයිනි.
 
 ශ්‍රි ලාංකික මුද්‍රා නාට්‍ය කලාව කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව මේ දක්‌වා පැහැදිළි වූත් නිශ්චිත වූත් නිගමනයක්‌ නැත. මෙතෙක්‌ අප රටේ නිෂ්පාදනය කරන ලද ප්‍රකට නිර්මාණ කිහිපයක්‌ දෙස බලන කල අපට ඒ බව පැහැදිළි වේ.
 

 චිත්‍රසේන සහ වජිරාගේ කරදිය, නල දමයන්ති, ගිහිහොරා, මිණිකිංකිණි
වැනි මුද්‍රා නාට්‍යයන් සලකා බලන විට එම නාට්‍යයන්හී සංගීතය, නර්තනය, අභිනය ආදී ලක්‌ෂණවලට අමතරව ගායනා ද යොදාගෙන තිබේ. නර්තන නිර්මාණයේඳී පෙරදිග සහ අපරදිග යන රංගන ශෛලීන් දෙකෙහිම ආභාෂය ලබාගෙන ඇති බව පෙනේ.
 
 පණිභාරත මහතාගේ හත් පත්තිනි, ග්‍රහ අපලය වැනි මුද්‍රා නාට්‍යයන් සඳහා දේශීය නර්තන සම්ප්‍රදායන් ගුරුකොට ගෙන ඇති අතර එහිදී ද ගායනය යොදා ගෙන ඇත. ප්‍රේමකකුමාර එපිටවල, වසන්න කුමාර, බැසිල් මිහිරිපැන්න, ඩබ්ලිව්. බී. මකුලොලුව වැනි කලා ශිල්පීන්ගේ නිර්මාණවල ද එම ලක්‌ෂණය විද්‍යාමාන වේ.


 
 මේ අනුව අපට පෙනෙන්නේ දේශීය මුද්‍රා නාට්‍ය ඇතැම් අවස්‌ථාවලදී බටහිර මුද්‍රා නාට්‍යයන්ගෙන් ආභාසය ලබා ඇතත්, වැඩි වශයෙන් ඒවා ළංවන්නේ පෙරදිග සම්ප්‍රදායට බවයි. මෙතෙක්‌ නිෂ්පාදිත මුද්‍රා නාට්‍ය වැඩි ගණනක්‌ පසුබිමින් ගායනා ඇතුළත් කර ඇත. දේශීය නර්තන ක්‍රමයන් හා බැඳුණ නිශ්චිත අරුත් දෙන සම්මත මුද්‍රා ක්‍රම නොමැති හෙයින්, අදහස්‌ ප්‍රකාශනයේදී එකී නාටකවල බහුලව යොදාගෙන ඇත්තේ අදහස්‌ ප්‍රකාශන හැකියාවක්‌ ඇති "ඉඟි" මාලාවක්‌ දේශීය මුද්‍රා නාට්‍ය ක්‍රමය හැඳින්වමීට ඇතමුන් විසින් "ඉඟිනළු" යන නාම පදය යොදා ගනු ලබන්නේ මෙකී ලක්‌ෂණය හේතුකොට ගෙන
ය.
(c) Shilpa Sayura Foundation 2006-2017