අපරදිග මුද්‍රා නාට්‍ය
 

ඉතාලිය, ප්‍රංශය, රුසියාව, ජර්මනිය, පෝලන්තය වැනි අපරදිග රටවල ප්‍රචලිත මුද්‍රානාට්‍ය ක්‍රම හඳුන්වනු ලබන්නේ " බැලේ " යන නමිනි. බැලේ නාට්‍යයන්හී මූලික ලක්‌ෂණය වන්නේ සංගීතයේ රිද්මයට හා තාලයට අනුව චලන දැක්‌වීම සහ එමගින් අදහස්‌ ප්‍රකාශ කිරීමයි. ගායන කිසිවක්‌ එහි අන්තර්ගත නොවේ. වැදගත්ම සාධකය වන්නේ සංගීතය හා ඒ අනුව කරන නර්තනයයි.
 මේ අනුව පෙරදිග සහ අපරදිග මුද්‍රා නාට්‍යවල දැකිය හැකි ප්‍රධාන තම වෙනස්‌කම වන්නේ පෙරදිග ගායනා යොදා ගැනීම සහ අපරදිග ගායනා යොදා නොගැනීමයි. 
 
(c) Shilpa Sayura Foundation 2006-2017