පෙරදිග මුද්‍රා නාට්‍ය කලාවේ කේන්ද්‍රස්‌ථානය ලෙස සැලකිය හැක්‌කේ ඉන්දියාවයි. ඉන්දියානු මුද්‍රා නාට්‍යවල ඇති විශේෂ ලක්‌ෂණය වන්නේ පසුබිමින් ගැයෙන ගීත යොදා ගැනීමයි. නාට්‍යයේ විවිධ අවස්‌ථා ගායනයෙන් ඉදිරිපත් කෙරෙන අතර එහි අරුත මුද්‍රාවෙන් අභිනයෙන් සහ නර්තනයෙන් ඉදිරිපත් කරනු ලැබේ. ඇතැම් අවස්‌ථාවලදී ගායනයන්ට අමතරව සංගීත ඛාණ්‌ඩද ඇතුළත් වේ. ඉන්දීය නර්තන සම්ප්‍රදායන් හා බැදුණු මුද්‍රා විශාල සංඛ්‍යාවක් ඇත නිෂ්චිත අරුතක් දැක්‌වෙන එකී මුතු වැලෙක එකින් එක අමුණන මුතු ඇට පෙළක් මෙන් නාට්‍යයේ කථා පුවත ප්‍රකාශ වන ආකාරයට එකිනෙක අනුක්‍රමයෙන් සම්බන්ධ කරමින් ඉදිරිපත් කිරම ඉන්දීය මුද්‍රා නාට්‍ය ශිල්පක්‍රමයේ සාමාන්‍ය ලක්‌ෂණයයි.
පෙරදිග මුද්‍රා නාට්‍ය පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී අපගේ අවධානය යොමු කළ යුතු තවත් රටක් ඇත. ඒ චීනයයි. චීන නාට්‍ය ක්‍රමය ප්‍රචලිතව ඇත්තේ "ඔපෙරා" යනුවෙනි. ඇතැම් අය මෙම ඔපෙරා නාට්‍ය " පිකිං ඔපෙරා " යන විශේෂ නාමයෙන් ද හඳුන්වති. එහි ඇති විශේෂ ලක්‌ෂණය වන්නේ ද සංගීතය සමඟ ගායනාද යොදා ගැනීමයි. සමස්‌තයක් ලෙස ගත්කල පීකිං ඔපෙරාව ගීත නාට්‍ය විශේෂයකි. එහිදී ද ගීතයෙන් සහ සංගීතයෙන් ප්‍රකාශ වන අදහස මතුකොට දක්‌වනු ලබන්නේ අභිනයෙන් සහ නර්තනයෙනි.
මේ අනුව සලකන විට පෙරදිග මුද්‍රා නාට්‍යයන්හී කථාව හෝ පුවත විස්‌තර කිරීම සඳහා නර්තනය සමඟ ගායනය ද යොදා ගැනීම පොදු ලක්‌ෂණයක් ලෙස සැලකිය හැකිය.