"මුද්‍රා නැතහොත් ඉඟි යොදා ගනිමින් නර්තනය මාධ්‍ය කොට ගෙන කිසියම් කථා පුවතක් රඟ දැක්‌වීම මුද්‍රා නාට්‍ය නම් වේ ".
ඉහතින් දක්‌වා ඇති නිර්වචනය මුද්‍රා නාට්‍යයක් යනු කුමක් ද යන ප්‍රශ්නයට ලබා දිය හැකි සරළම පිළිතුරයි.
එසේ වුවද එම ප්‍රකාශය මුද්‍රානාට්‍ය පිළිබඳ අංග සම්පූර්ණ අර්ථ දැක්‌වීමක් නොවේ. මුද්‍රානාට්‍යක් හුදු කථාවක් කියාපෑමට පමණක් සීමා නොවේ. සිද්ධි අවස්‌ථා පරිසර වස්‌තු, කල්පිත සහ මනෝභාවයන් ද එමගින් ඉදිරිපත් කළ හැකිය. එහි අන්තර්ගත වන්නේ මුද්‍රා සහ චලන පමණක් ම නොවේ. අභිනය, ප්‍රකාශනය, සංගීතය, අංග රචනය, ආලෝකකරණය වැනි බොහෝ දේ මුද්‍රා නාට්‍යයක අන්තර්ගතව ඇත. මුද්‍රා නාට්‍යයක් යනු කලා කටයුත්තක් පමණක්‌ම නොවේ. විවිධ ක්‍රියාකාරකම් සමූහයක එකතකුවකි.
ලෝකයේ සෑම රටකම ඇති මුද්‍රා නාට්‍ය එකම ආකෘතියක් අනුව නිර්මාණය වී නැත. එක් එක් රටවල් මෙකී කලාමාධ්‍ය හසුරුවා ගෙන ඇත්තේ තමන්ගේ රටට සංස්‌කෘතියට සහ අනන්‍යතාවයට ගැළපෙන ආකාරයෙනි. ඒ අනුව මුද්‍රා නාට්‍ය කලාව පෙරදිග-අපරදිග වශයෙන් කොටස් දෙකකට බෙදා දක්‌විය හැකිය.