මුද්‍රාවක් යනු චලන මාධ්‍ය කොට ගෙන අදහස් ප්‍රකාශ කළ හැකි ක්‍රම ශිල්පයකි. අපට අපේ අදහස් භාෂාව මාධ්‍ය කොට ගෙන අන් අයට තේරුම් ගත හැකිවන ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිවාක් මෙන්ම, චලනය මාධ්‍ය කොට ගෙන ද අදහස් ප්‍රකාශ කළ හැකිය.
ඇතැම් විට සරළ චලනයකින් ප්‍රකාශ කළ හැකි අදහසක් වචන සිය ගණනකිනුත් ප්‍රකාශ කිරමට නොහැකි විය හැකිය. වචන භාවිතයෙන් තොරව හස්‌ත චලන මගින් හෝ මුහුණේ මස්‌පිඬු චලනය කිරීමෙන් හෝ හිස සැලීමෙන් අපි විවිධ අදහස් ප්‍රකාශ කරමු. ඒවා සරල මුද්‍රාවන් ලෙස හැඳන්විය හැකිය. " එන්න - යන්න - එපා" යනාදී අරුත් පෑමට අප දක්‌වන ඉඟි ගණනාවක් ඇත. එන්න යන අදහස අත වැනීමෙන්, ඇඟිල්ලක් පමණක් චලනය කිරීමෙන්, හිස චලනය කිරීමෙන්, ඇසින් පමණක් කරනු ලබන චලනයක් ඇසුරෙන්, යනාදි වශයෙන් විවිධ ආකාරයෙන් කළ හැකිය. චලනයේ දැඩි බව, සියුම් බව, රළු බව හෝ මෘදු බව තමන් කරනු ලබන ආමන්ත්‍රණයේ ස්‌වරූපය අනුව වෙනස් වෙයි.
අතවනා යමෙකකුට අඬ ගැසීමේ ඳී අතේ චලන වේගය වැඩි වශයෙන් (වේගයෙන්) සිදුවෙයි නම් ඉක්‌මනින් පැමිණෙන ලෙස ඇඟවන බව ප්‍රතිචාර දක්‌වන්නාට තේරුම් යයි. ඒ සියල්ලම සරළ මට්‌ටමේ ඉඟි නැතහොත් "සරළ මුද්‍රා" ලෙස හැඳින්විය යුත්තේ "මුද්‍රා" යන පදයට ඊට වඩා පුළුල් අරුතක් ඇති බැවිනි. එක් අතකින් මුද්‍රාව යනු භාෂාවකි.
අප මෙතෙක් කථා කළ සරළ මුද්‍රා නැතහොත් ඉඟි එක් සමාජයකට හෝ රටකට සීමා වූ ඒවා නොවේ. ලෝකයේ කවර ජාතියකට අයත් පුද්ගලයෙකකුට වුවද අත වැනීම මගින් තමා අසලට පැමිණෙන ලෙස කරන ඉල්ලීම් තේරුම් ගත හැකිවනු ඇත. එබැවින් මෙම සරළ ඉඟි නැතහොත් මුද්‍රා මුළු ලෝකයෙටම පොදුවේ.
මුද්‍රා යන පදයේ අරුත ඊට වඩා පුළුල් වූවක් බව මීට කලින් සඳහන් කර ඇත. විශේෂයෙන් ඉන්දියානු නර්තන ගත් කල ඒ එකිනෙක හා බැඳී අදහස් ප්‍රකාශනයට යොදා ගන්නා මුද්‍රා විශාල ගණනක් ඇත. කිසියම් භාෂාවක යෙදෙන සෑම වචනයකටම ඊට සුවිශේෂ වූ අරුතක් ඇත. වචන කිහිපයක් එකතු කිරීමෙන් අදහසක් ප්‍රකාශ කළ හැකි වාක්‍යයක් නිර්මාණය කළ හැකිවාක් මෙන්ම මුද්‍රා කිහිපයක් එකතකු කිරීමෙන් ද එම අදහසම ප්‍රකාශ කළ හැකි චලන රටාවක් නිර්මාණය කළ හැකිය. එහිදී සිදුවන්නේ වචනය වෙනුවට චලනය යොදා ගැනීමයි.
එහිදී මතුවන එක් ගැටලුවක් ඇත. සරළ ඉඟියක් තේරුම් ගැනීම කවරෙකකුට වුවද කළ හැකිය. නමුත් නිශ්චිත අරුතක් ගන්වා ඇති චලනයක් නැත හොත් මුද්‍රාවක් ඒ පිළිබඳව ඉගෙනුමක් නොලත් කෙනෙකකුට තේරුම් ගැනීම දුෂ්කර කාර්යයකි. එහි අරුත නොදැන සිටීම, නැතහොත් තේරුම ගැනීම දුෂ්කර වීම රස වින්දනයට බාධකයකි.
සිංහල භාෂාවේ වචනයක් වත් නොදන්නා විදේශිකයෙකකුට සිංහල භාෂාවෙන් යමක් තේරුම් කිරීමට උත්සහා කිරීම .අන්ධයාට සුදුපාට පෙන්වීම සඳහා "කොකාගේ හැඩය දැක්‌වීම'' වැනි ඵල රහිත ක්‍රියාවකි. එසේ වන්නේ අපි කියන දේ තේරුම් ගැනීමට අවශ්‍ය භාෂා දැනුම ඔහුට නොතිබූ බැවිනි. ඒ අයුරින්ම "සම්මත මුද්‍රාවන්හි" අරුත් නොදන්නා කෙනෙකකුට එයින් ප්‍රකාශ වන අරුත් පැහැදිළි ලෙස තේරුම් ගැනීමට නොහැකි වේ.
මුද්‍රාව යනු එක්‌තරා ආකාරයක භාෂාවක් ලෙස හැඳින්වීම යුක්‌ති සහගත බව ඔබට තේරුම් ගත හැකි වනු ඇත. ව්‍යවහාරික භාෂාවකට වඩා එහි සුවිශේෂිතාවය වන්නේ භාෂාවේ ඇති වචන වෙනුවට අදහස් ප්‍රකාශනය සඳහා චලන යොද ගැනීමයි.