අකුණු ගසන විට ආරක්‍ෂාව
 
අකුණු විශාල වශයෙන් හානි ගෙන දෙයි. මිනිස් ජීවිත හා දේපලවලට සිදු වන හානි අඩු කර ගැනීමටත් අකුණු ගසන විට ආරක්ෂා වීමටත් උපදෙස් පහත වේ.

අකුණු සහිත කාළගුණයක් ඇති විට,
  •  නිවස අසල ඇති ගස් හෝ කණු වලින් නිවසට (රෙදි වැල් වැනි) කම්බි ඇදීමෙන් වැලකී සිටීම.
  •  උස් ගොඩනැඟිලි සඳහා අකුණු සන්නායක භාවිත කිරීම හා ඒවා නඩත්තු කිරීම.
  •  සෑම විදුලි උපකරණයක්ම විදුලි පේනු (ප්ලග්) වලින් ගලවා ඉවත් කර තිබිය යුතුය.
  •  විදුලියට සම්බන්ධ කර ඇති උපකරණ ඇල්ලීමෙන් වළකින්න.
  •  රූපවාහිනියේ ඇන්ටෙනා කේබල් රූපවාහිනියෙන් ගලවා නිවසින් පිටත පොළොවට ගෑවෙන ලෙස දමන්න.
  •  දුරකථනය භාවිතා කිරීමෙන් වළකින්න.
  •  ලෝහමය උපකරණ භාවිතා කිරීමෙන් වළකින්න.
  •  උස් ගස් අසල නොසිටින්න.
  •  පිහිනීමෙන් හා ජලයේ බැස සිටීමෙන් වළකින්න.
  •  එලිමහන් ස්ථානවල නොසිටින්න.
යම් අයෙකුට අකුණු සැර වැදුනු අවස්ථාවකදී,
අකුණු පහරට ලක්වූ කෙනා වෛද්‍යවරයා ලගට ගෙන යන තෙක් ප්‍රථමාධාර ලබාදිය යුතුය.
 
එම අවස්ථාවෙදී ඔහුගේ ශරීර සම්බාහනය කිරීම හා කෘතීම ශ්වසනය ලබා දිය යුතුය.
(c) Shilpa Sayura Foundation 2006-2017