මල්පදය
 


සබරගමු නර්තනයට අයත් ශාස්‌ත්‍රීය නර්තන අංගයක්‌ වන මල් පදය එකී සම්ප්‍රදායට අයත් අලංකාර නර්තනයකි. ඇදුරාගේ අතෙහි පොල් මලක්‌ ඇති අතර එය විවිධාකාරයෙන් චලනය කරමින් විවිධ රංග රටා නිර්මාණය කිරීම විචිත්‍රය.
 
 සව් සිරි පිරි නිතොර - පිළිවෙත් තරඟ බෝකර
 ගුණ මුනිඳු නමකර - වඳිමි මහසඟ මෙහැම සමුදුර

 
 යනාදී වශයෙන් ආශිර්වාද කවි ගායනයෙන් නර්තනය ආරම්භ වේ. ඉන් අනතුරුව ගමන් මාත්‍රයේ තාලයට අනුව " ජීංකිට තත්කිට " බෙර පදය නටමින්.
 
 
විසිර සුවඳ නොයන ලෙසින්
 බැඳපු එරන් දිව නූලෙන්
 තබා සිරස බමුණු තොසින්
 ගෙනා මලකි සක්‍ර ලොවින්

 
 යන කවි ගායනයෙන් අනතුරුව කලාසම් අඩව් නටා, අඩුකෝල් පදය නමැති පද කොටස නැටීමෙන් පසු මල් පද පිරීම සිදුවේ. පිරීමේ පදයෙන් අනතුරුව.
 
"කුදිත ගතත් ගත ගතිත ගතත් කුඳ"
 

 යනාදී වශයෙන් මල්පද වට්‌ටම් ආරම්භ කරයි. මල් පද නැටීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි.
 
 
"තහර්ද ගතිත් තත් ජෙජ්ජෙං කිත්තත්
 ජිංගත ගතිගත ගති ගත ගත දොං
 ජිංගත කුඳ ගත දෝං ගතිත් තත් "

 
 යනුවෙන් මල්පද නටනු ලැබේ. මල රැගෙන වටේට නටමින් කරන මෙම නර්තනය අවසන් වන්නේ මල ගසා ගැනීමෙනි. එම අවස්‌ථාව මෙහි උච්චතම අවස්‌ථාවයි. ඇදුරන් ආවේශ වූ ලක්‌ෂණ මෙහිඳී ප්‍රදර්ශන වේ.
 
 "මල් පදය නැටුම" නැරඹීමේ දී එකිනෙක අවස්‌ථා ක්‍රමයෙන් ගොඩනැගෙන ආකාරය නීරක්‌ෂණය කරන්න. ඒ තුළින් මතුවන චමත්කාරයත් විචිත්‍රවත් බවත් එකී රංගනය කෙරෙහි අපේ සිත් ඇඳ බැඳ තබා ගන්නට සමත් බව ඔබට වැටහී යනු ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017