නර්තන සම්ප්‍රදායන් වෙන වෙනම හඳුනාගෙන රස විඳීම.
 



එකිනෙක නර්තන සම්ප්‍රදායන් වෙන වෙනම හඳුනාගෙන රස විඳීම සඳහා උචිත නර්තන අංගයන් කිහිපයක්‌ පහත සඳහන් වේ.
 * උඩරට නර්තනය හදාරන සිසුන් සඳහා
     පහතරට ගිරිදේවි නැටුම සහ සබරගමු මල්පදය.
 * පහතරට නැටුම් හදාරන සිසුන් සඳහා
     උඩරට අස්‌නේ නැටුම සහ සබරගමු මල් පදය.
 * සබරගමු නැටුම් හදාරන සිසුන් සඳහා
     පහතරට ගිරිදේවි නැටුම සහ උඩරට අස්‌නේ නැටුම.
 
 සමස්‌තයක්‌ වශයෙන් ගත්කල මෙම නර්තන අංග තුනේම පොදු සමානත්වයක්‌ දක්‌නට ඇත.
 1. ගායනය, වාදනය, සහ නර්තනය යන ත්‍රිවිධ ක්‍රියාකාරකම් අන්තර්ගත බව.
 2. විවිධ නාද රටාවන්ටත්, තාලාරූපවලටත් අනුව ගායනය යොදා ගන්නා බව.
 3. විවිධ කාලානුරූපවලට යෙදෙන නර්තන කොටස්‌ අන්තර්ගත බව.
 4. විලම්බලයෙන් පටන් ගෙන ක්‍රමයෙන් දෘත ලය දක්‌වා වර්ධනය වන ලය මානයක්‌ ඇති බව.
 5. ශාස්‌ත්‍රීය නර්තනයන් වීම.
 
 එසේම මෙම නර්තනයන් අතරේ කැපී පෙනෙන වෙනස්‌කම් ද නැතුවා නොවේ.
 
 1. පහතරට ගිරිදේවි නැටුමත්, අස්‌නේ නැටුමේ ආරම්භක කොටසත් ලාස්‍ය ලකෂණයන්ගෙන් යුක්‌ත වේ. නමුත් මල්පදය සපුරාම තණ්‌ඩාව ලකෂණවලින් යුක්‌ත නැටුමකි.
 2. සබරගමු මල් පදය පොල්මලක්‌ අතැතිව නටන බැවින් හස්‌ත චලන ප්‍රකට වන්නේ මඳ වශයෙනි. අනෙක්‌ නර්තන අංක දෙකේ පූර්ණ වශයෙන් හස්‌ත චලනයන්ට ඉඩ ලැබේ. 
 
මෙවැනි නර්ථන අංගයක්‌ හෝ අවස්‌ථාවක්‌ පන්තිකාමරය තුළඳී අත්විදීමට නොලැබුණේ වී නමුදු බොහෝ අවස්‌ථාවලඳී රූපවාහිනී නර්තන වැඩසටහන් ඔස්‌සේ මෙම නර්තනයන් විකාශය වන නිසා එය නැරඹීම සඳහා අවස්‌ථාවක්‌ ඔබට උදාවනු ඇත.

 
කිසියම් නර්තනයක්‌ රස විඳීම සඳහා ඒ පිළිබඳව තොරතුරු දැන සිටීම වැදගත්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017