ඔබ ඉගෙන ගන්නා නර්තන සම්ප්රදාය කුමක් ද? එය උඩරට පහතරට හෝ සබරගමු යන සම්ප්‍රදායන් තුනෙන් එකක් විය යුතුය. අප ඉගෙන ගන්නා නර්තන සම්ප්රදාය කවරක් වුවද ලෝකයේ වෙනත් ඕනෑම රටකට අයත් කලා කෘතියක් රස විඳීමේ හැකියාවක් අපට තිබිය යුතුය. සෑම කලා කෘතියකම ඊට ආවේණික වූ රසයක් ගැබ්ව ඇත.
රසය යනු සමස්ත විශ්වයටම පොදු වූ ධර්මතාවයකි. එයට රටක්. ජාතියක්, කුලයක් හෝ ගෝත්‍රයක් නැත. යමක් රසවිඳීමට නම් ඒ පිළිබඳ තොරතුරු සොයා බැලිය යුතුය. ඒවා හඳුනා ගත යුතුය. පරිශිලනය සඳහා අවස්ථාවක් යොදාගත යුතුය.
ශ්‍රි ලංකාවේ විවිධ සම්ප්‍රදායන්ට අයත් කලා කෘතීන් හඳුනා ගැනීමටත්, ඒවා පවතින බව ඔබ ඉගෙන ගෙන ඇත. ඒ අතුරෙන් උඩරට, පහතරට සහ සබරගමු යන නර්තන සම්ප්‍රදායන් දේශීය නර්තන සම්ප්‍රදායන් වන අතර උතුරු නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාප්තව ඇති "භාරත නාට්‍ය" සම්ප්රදාය දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ නර්තන විශේෂයකි. දැනට ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ උඩරට, පහතරට, සබරගමු නර්තන සම්ප්‍රදායන් වන බැවින් ප්‍රථමයෙන්ම එකී සම්ප්‍රදායන්ට අයත් කලා කෘති හඳුනාගැනීමත්, රස විඳීමත් කළ යුතුය.
ගැමි නැටුම්,වන්නම,උඩැක්කි, පන්තේරු සහ රබන් වැනි විනෝදාශ්වාදය අරමුණු කොට කරනු ලබන නර්තනයන් හැරුණු විට අනෙකකුත් සියලුම ශාස්ත්‍රීය නර්තන අංග ප්රභවය ලබා ඇත්තේ ශාන්තිකර්ම ඇසුරෙනි.
උඩරට කොහොඹ කංකාරි ශාන්ති කර්මයේ එන අස්නේ නැටුම, කොතල පදය, බුලත් පදය, සළු පදය, ඇවැන්දුම, යක්ඇන්නුම, කෝල්පාඩුව වැනි නර්තන අංග බොහෝ සෙයින් ප්‍රචලිත වූත් බහුල වශයෙන් දුකිය හැකිවූත් නර්තන අංග වේ.
එසේම පහතරට සම්ප්රදායේ එන තෙල්මේ ගිරිදේවි, දෙවොල්, පන්දම් පද, සළු පාලිය, පත්තිනි, සුදධමාත්රා, සුරඹා වල්ලිය, නානුමුරය වැනි නර්තන අංග ද ප්‍රචලිත නර්තන අංග ලෙස දැක්වමට පුළුවන.
සබරගමු නර්තන සම්ප්රදායේ වඩාත් ප්‍රචලිත නර්තන අංගයක් වන්නේ මල්පදය, දෙවොල්, මාත්‍රා පද, පන්දම් පද, යහන් දැක්ම යනාදී නර්තන අංගයන්ය. කවර හෝ නර්තන සම්ප්රදායකට අයත් නර්තනයක් රස විඳීමේ දී ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ එකී නර්තන සම්ප්‍රදායන්ට අයත් මූලීක ලක්ෂණ මොනවා ද යන්න නිවැරදිව හඳුනා ගැනීමයි. සෑම නර්තන සම්ප්‍රදායකටම ඊට ආවේණික වූ අනන්‍යතා ලක්ෂණ සමූහයක් ඇත. එක් සම්ප්රදායක් අනෙක් සම්ප්‍රදායෙන් වෙන් කොට හඳුනාගත හැක්කේ එකී අනන්‍යතා ලක්ෂණ මගිනි.
* ප්‍රධාන වාදන භාණ්ඩය සහ අවනදධ අක්ෂර උච්චාරණය.
* ඇඳුම් පැළඳුම් සහ වෙස් ගැන්වීම.
* මූලික ආංගහාර සහ හස්ත විධි
* ගායනය සහ නාද මාලා.
යන කරුණු මෙකී අනන්‍යතාව තහවුරු කරන ප්‍රධාන සාධක වේ.