චීනය , මොන්ගෝලියාව , උතූරු කොරියාව , දකූණු කොරියාව , තායිවානය සහ ජපානය ඈත පෙරදිග රටවල් ය. ලෝක බිම් ප්‍රමාණයෙන් 8% ක් පමණ ඊට අයත් වේ. මෙම ප්‍රදේශය උස් කඳුවලින් සෙසු ප්‍රදේශවලින් වෙන් වේ.
මොන්ගොලොයඩ් වර්ගයට අයත් මානව වර්ග මේ ප්‍රදේශයේ
වාසය කරති. ලෝකයේ පැරණි ශිෂ්ඨාචාරයකට නිජ බිම් විය. සංවර්ධනය අතින් විෂමතාවක් පවතින නමුත් සමාන ලක්ෂණ ද ඇත. කෘෂිකර්මය ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වන අතර , සියුම් වගාව ප්‍රධාන වේ. ධීවර කර්මාන්තය ද ඉතා දියුණුයි.
ඈත පෙරදිග ශිඝ්ර කාර්මික සංවර්ධනයක් කරා ගමන් කරයි.
මේ රටවල ධනවාදී අර්ථ ක්‍රම මෙන්ම සමාජවාදී අර්ථ ක්‍රම ද දක්න ට ලැබේ. ජපානය මෙම කලාපයේ කැපී පෙනෙන රටයි. සෙසු රටවල්ද ජපානයේ ආභාසය ලබා කාර්මීකරනය වෙමින් පවතී. චීන නවතම බලවේගය බවට පත්වී ඇත. මහායාන
බුද්ධාගම , කොන්පියුසියස් ධර්මය , ෂින්ටෝ දහම මේ කලාපයේ ප්‍රධාන ආගම්ය.
චිත්‍ර කලාව හා නාට්‍ය කලාව ගෘහ නිර්මාණ ශිල්ප ආදියට ආගමික බලපෑම් වල ආභාසය ලැබී ඇත.