ශ්‍රී ලංකාව හා ඈත පෙරදිග රටවල් අතර ඇති සම්බන්ධතා අතීතයේ පටන් පැවතී තිබෙන බවට සාක්‍ෂි තිබෙනවා. සීගිරිය , පොලොන්නරුව , මාතොට , ආදී ස්ථානවල කරන ලද කැනීම් වලදී පට රෙදි , පැරණි පිඟන් භාණ්ඩ , යනාදිය හමුවී තිබෙනවා. චීනයේ පාහියන් භික්ෂූන් වහන්සේ ක්‍රි.ව. 5 වන සියවසේ ශ්‍රී ලංකාවට පැමිණ මෙහි කලක් අභයගිරි විහාරවාසී ව වාසය කල බව සඳහන් වෙනවා. පාහියන්ගල හා පාහියන් ලෙන තවත් සාක්‍ෂි.
මෑතක් වන තූරු චීනය හා අප රට අතර සහල් , රබර් , ගිවිසුමක් කි්‍රයාත්මක වූනා. කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාව අපට ලැබුනේ චීනයේ පරිත්‍යාග්‍යයක් වශයෙන්. තවත් එවැනි පරිත්‍යාග රාශියක් අපට ලැබී තිබෙනවා. ජපානයෙන් රූපවාහිනී සංස්ථාව , ශ්‍රී ජයවර්ධනපුර රෝහල , තවද ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ල ද පරිත්‍යාග වශයෙන් ලැබුනා.
ධීවර කර්මාන්තය දියුණු කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මහවැලි ව්‍යාපාරය වැනි වෙනත් ව්‍යාපෘති වලටද ඈත පෙරදිග කලාපයේ රටවලින් අපට ආධාර ලැබී තිබෙනවා. විදේශ ආයෝජකයින් වශයෙන් ද විදේශ රැකියා සැපයීමෙන්ද මානව සංවර්ධනය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමෙන්ද මෙම රටවලින් විශාල සේවයක් ඉටුවී තිබෙනවා.
හම්බන්තොට නව වරාය හා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඉදිකිරීමට චීනයේ සහය ලැබෙනවා.
ඒ අතරම කොරියාවෙන් අපට තොරතුරු තාක්‍ෂණ සහය ලැබෙනවා. ජපානයේ, කොරියාවේ අප රටේ ශ්‍රමිකයින් බොහෝ දෙනකු සේවයේ යෙදෙනවා.