චීනය
 

අද ලෝකයේ දියුණු ම රටක් බවට චීනය පත් වී තිබේ. චීනයේ විශේෂත්වය ඔවුනටම සුවිශේෂ වූ සංස්කෘතියක් ද ගොඩ නැගී තිබීමයි. චීනය සමාජ වාදී අර්ථ ක්‍රමයක් පවතින රටකි. එහි ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මයයි. වී වගාව ඉන් ප්‍රධානයි. වගාව සඳහා යෝග්‍ය තාක්ෂණය යොදා ගන්නා අතර සියුම් වගා ක්‍රමයක් චීනයේ අනුගමනය කෙරේ.

මේ නිසා හෙක්ටයාරයකින් ලැබෙන අස්වැන්න වැඩි වී තිබේ. තේ , එළවඵ , අර්තාපල් , පළතූරු ආදී බෝග ද චීනයේ වවන අතර මිරිදිය හා කරදිය ධීවර කර්මාන්තය අතින් ලෝකයේ තූන්වෙනි තැනට පත් වී ඇත.



අතීතයේ සේද රෙදි , පිඟන් ආදී භාණ්ඩ චීනයෙන්ආරම්භ වූ සේද මාවත දිගේ ආසියානු මැද පෙරදිග රටවල් හරහා යුරෝපයට ගෙනගියා.  අතීතයේ සිටම චීනයේ තාක්ෂණයද දියුණු තත්ත්වයක පැවතූණ රටකි. තමන්ට එරෙහි සතූරු ආක්‍රමණ වැලැක්වීම සඳහා අද පුදුම හතෙන් එකක් වශයෙන් සැලකෙන චීන මහා ප්‍රාකාරය ඉදි කෙරුණි.


චීනය යපස් හා ගල් අඟූරු සම්පත් අතින් පොහොසත් රටකි. චීනයේ යකඩ හා වානේ , යන්ත්‍ර සූත්‍ර , රෙදි පළි , රසායනික ද්‍රව්‍ය , සේද රෙදි , ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ , කඩදාසි වැනිදේ නිපදවේ. චීනයේ අතිශයින් වේගවත් ආර්ථික හා කර්මාන්ත හා අපනයන සංවර්ධනයක් සිදු වෙමින් තිබෙන අතර ඉතා ඉක්මණින්ම ලෝකයේ ධනවත්ම රට බවට පත්විය හැකි බව විශ්වාස කෙරේ.



චීනයේ භාෂාව චීන භාෂාව යි. එහි ප්‍රභේද කීපයක් තිබෙනවා.මැන්ඩරින් , වූ , ක්ෂියැං සහ කැන්ටන් රාජ්‍ය භාෂාව ලෙස පිළිගෙන ඇත්තේ මැන්ඩරින් භාෂාවයි.අක්ෂර මාලාව අතීතයේ සිට පරිණමය වූවක්.

කොන්පියුසියස් ධර්මය චීනයේ අදහන එක් ආගමක් ඒ වගේම මහායාන බුදුදහමද වැදගත්. චීන ආගම හා දර්ශනය , කලා කෘති කෙරෙහි බලපා ඇති අතර සංගීතය හා නාට්‍ය කලාවන් දියුණුවී පවතිනවා.



 

 

 

 


සර්කස් සඳහාද චීනය ලෝක ප්‍රසිද්ධයි.

 

 

 

 

 



චීනය ලෝකයේ ඉහළ ම ජනසංඛ්‍යාවක් ජීවත් වන රටයි. එහි ජනගහනය මිලියන 1200 ට වඩා වැඩි බව පැවසෙනවා. සංවර්ධනය කරා චීනය ගමනේදී ඔවුන් මුහුණ පාන විශාලම අභියෝගයක් එය. ජන සංඛ්‍යාව වැඩිවීම පාලනය කිරීමට චීනය කටයුත්‍ර කරනවා.


 

(c) Shilpa Sayura Foundation 2006-2017