අකුණු පොළොවට ඒමේදී, වළාකුළක සිට විද්යුත් ආරෝපණ වාතය හරහා කෙටිම මාර්ගය ඔස්සේ ගමන් කරයි.
එමනිසා උස් ස්ථාන වලට අකුණු වැදීම වැඩි වශයෙන් සිදු වේ.
අකුණු වැදීමෙන් ගොඩනැඟිලි ආරක්ෂා කර ගැනීමට ඒවායේ මුදුනේ උල් සහිත ලෝහ දණ්ඩක් සවිකර එය ලෝහ පටියකින් පොළවට සම්බන්ධ කරයි.
මෙය අකුණු සන්නායකයයි.
අකුණු වළාකුළු වල සිට එන ආරෝපණ ධාරාව, ගොඩනෙඟිල්ල හරහා නොයා හොඳ සන්නායකයක් වන ලෝහ පටිය හරහා යැවීම අකුණු සන්නායකය මඟින් සිදු කරන කාර්යයි.