ඇමරිකානු විද්‍යාඥයකු වන බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් විසින් කරන ලද ඉතා අනතුරු දායක පරීක්ෂණයක් මඟින් වළාකුළුවල විද්‍යුත් ආරෝපණ ඇති බව (1706 - 1790) සොයාගන්නා ලදී.
ඔහු විසින් කළ පරීක්ෂණය නම්, ඉතා අධික ලෙස අකුණු ගසන කාලගුණයක් ඇති දිනයකදී ආධාරකය ලෙස ඉතා සිහින් කම්බියක් යෙදූ සරැංගලයක් ඉහළ යවා කම්බියේ කෙළවරට තෙත් නූල් කැබැල්ලක් ගැටගසා ඊට තඹ යතුරක් සවිකරන ලදී.
ඉන් පසු ඔහු එම තඹ යතුර දෙසට තම ඇඟිල්ල දිඟු කළේය.
එවිට ඔහුට අකුණු සැරයක් වැදිණි.
නමුත් වාසනාවකට මෙන් එයින් ඔහුට දරුනු හානි සිදු නොවුනි.
ඒ පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකළ විද්‍යාඥ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් වර්ෂ 1752 දී අකුණු සන්නායකය නම් ආරක්ෂක උපකරණය සොයාගන්නා ලදී.