තීන්ත ආලේපන යන්ත්‍ර (Sprayers) වලට සෘණ ආරෝපණ ලබාදීම මඟින් තීන්ත බිංදු විසුරුවා හරි.
එවිට ඒම තීන්ත බිංදුවල සජාතීය ආරෝපණ තිබෙන නිසා එකිනෙකට විකර්ෂණය වී සියුම් බිංදු ලෙස විසිරී යයි.
ආලේප කළ යුතු භාණ්ඩය ධන ලෙස ආරෝපණය කරයි.
එමඟින් සෑම තීන්ත බිංදුවක්ම භාණ්ඩයට ආකර්ෂණය වී එහි ඒකාකාර ලෙස ආලේප වේ.
මෙලෙස ආලේප කිරීමේන් තීන්ත අපතේ යාම ද අඩු වේ.