අභ්‍යාස හුරුව 1
1. කෝට්‌ටේ යුගයේදී රචනා කරන ලද සන්දේශ මොනවාදැයි නම් කරන්න.
2. සන්දේශ යන මෙහි අදහස පැහැදිලි කරන්න.
3. සන්දේශයක දක්‌නට ලැබෙන මූලික ලක්‌ෂණ මොනවාද?
4. සන්දේශ කාව්‍යයක අන්තර්ගතවන මූලික වර්ණනා මොනවාද ?
5. හංස සන්දේශය සහ කෝට්‌ටේ යුගයේ රචිත වෙනත් සන්දේශ අතර පෙනෙන පැහැදිලි වෙනස කුමක්‌ද ?
අභ්‍යාස හුරුව 2
1. කෑරගල වෙහෙර අවට පරිසරයෙහි සොබා සුන්දරත්වය කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරයෙන් විචාරයට ලක් කරන්න.
2. හංස සන්දේශය අර්ථ රසයට මෙන්ම ශබ්ද රසයටද ප්‍රමුඛස්‌ථානයක් දුන් සන්දේශ කාව්‍යයක් ලෙස කෑරගල වෙහෙර වැනුම ඇසුරෙන් විමසන්න.
3. වීදාගම හිමියන්ගේ කාව්‍ය සංකල්පනාවල ඇති අපූර්වත්වය සමාලෝචනය කරන්න.
4. කෑරගල වෙහෙර වැනුම පිළිබඳ වීදාගම හිමි යොදාගත් භාෂා ශෛලිය පිළිබඳ විමසීමක යෙදෙන්න.
5. කෑරගල වෙහෙර වැනුම වෙනත් සන්දේශ කෘතියක එන වෙහෙර වැනුමක් හා සන්සන්දනය කරන්න.
අභ්‍යාස හුරුව 3
1. හංස සන්දේශ කරුවා වනරතන හිමියන් වෙත ඉදිරිපත් කරන සන්දේශය හෙවත් පණිවිඩය කුමක්‌ද ?
2. හංස සන්දේශයෙහි එන රසත් වැනුම් ඇසුරු කරමින් හරවත් විචාරයක් කරන්න.
3. කෑරගල වෙහෙර වැනුම තුළින් මතු කෙරෙන අධ්‍යාත්මික ගුණ වගාව පිළිබඳ සමාලෝචනයක යෙදෙන්න.
4. ගැමි බස්‌වහර ඇසුරෙන් හංස සන්දේශයේ කාව්‍යමය අගය කරන්න.
5. කෝට්‌ටේ යුගයේ පැවති තරඟකාරි සාහිත්‍ය තත්ත්වය සන්දේශ සාහිත්‍යය පෝෂණය කළේය. විමසන්න.