සන්දේශය යන අදහස පණිවිඩයයි. සන්දේශයක් යනු කෙනෙකුට ඉදිරිපත් කරන එසේම බාර දෙන යම්කිසි වැදගත්කමකින් යුතු පණිවිඩයකි. එම පණිවිඩය ඇතැම් විට කිසියම් අභිමත ඉෂ්ටාර්ථයක් මුදුන් පමුණුවා ගැනීමය. එම පණිවිඩය ඉදිරිපත් කරනු ලබන්නේ ආයාචනයක් වශයෙනි.
සන්දේශ කාව්‍යයක මූලික වශයෙන් දක්‌නට ලැබෙන ලක්‌ෂණ කීපයක් වන්නේය.
ඉතිහාස කතාවක් වීම නැතහොත් ආශිර්වාදයක් මුල්කර ගැනීම මූලික හරයයි.
එහි රචනා ව්‍යුහය වන්නේ
සන්දේශ කාව්‍යයක මූලික වශයෙන් දක්‌නට ලැබෙන ලක්‌ෂණ කීපයක් වන්නේය.
ඉතිහාස කතාවක් වීම නැතහොත් ආශිර්වාදයක් මුල්කර ගැනීම මූලික හරයයි.
එහි රචනා ව්‍යුහය වන්නේ
- කුසල ප්‍රශ්නය විමසීම
- දූතයා වර්ණනා කිරීම
- මාර්ග වර්ණනාව
- ප්‍රදේශ නායකයන් වර්ණනා කිරීම
- සන්දේශය ඉදිරිපත් කිරීම
- අවසාන වශයෙන් දූතයා වර්ණනා කිරීම
සන්දේශයක සන්දර්භය :
සන්දේශයක් ඉදිරිපත් කිරීමට කිසියම් අරමුණක් තිබිය යුතුය. සන්දේශ කාව්‍යයක් සම්පූර්ණ කිරීම සඳහා රචකයෙක් සිටිය යුතුය. සන්දේශය රැගෙන යන දූතයෙක් සිටිය යුතුය. සන්දේශය ලබන තැනැත්තෙක් සිටිය යුතුය. යැවිය යුතු පණිවිඩයක් හෙවත් සන්දේශයක් තිබිය යුතුය. එවිට සන්දේශ කාව්‍යය සම්පූර්ණ වෙයි.
උදාහරණයක් ලෙස හංස සන්දේශය ඉදිරිපත් කරන්නේ කෑරගල පද්මාවතී පරිවේණාධිපති යතිනායක වනරතන මහා ස්‌වාමීන් වෙතය. එය ඉදිරිපත් කළේ රටේ එවකට පැවති අවුල් වියවුල් තත්ත්වය හා රජයේ පවතින අවුල් වියවුල් තත්ත්වයන් මගහරවා රටටත්, රජයටත්, ජනතාවටත් පිරිත් කියා සෙත් පැතීම සඳහාය.