සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙහි අග්‍රගන්‍ය යුගයක් හැටියට සැලකිය හැකි කෝට්‌ටේ යුගය සිංහල සන්දේශ සාහිත්‍යයෙහි ද ස්‌වර්ණමය යුගය ලෙස හැදින්විය හැකිය.
ප්‍රතිභාපූර්ණ මහා කාව්‍යධරයන් කීප දෙනෙකු විසින් රචනා කරන ලද සන්දේශ කාව්‍ය කීපයක්‌ම මේ යුගයට අයත් වීම එහි වැදගත්කම තවත්, වර්ධනය වීමට හේතු වී ඇත. කවියකු වූ සයවැනි පැරකුම්බා දවස වූ මෙකළ සාහිත්‍යයට ලද රාජ්‍ය අනුග්‍රහය අති මහත්ය.
කෝට්ටේ යුගයේ බිහිවූ අග්‍රගන්‍ය සන්දේශ කාව්‍ය
- තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සන්දේශය
- වීදාගම මහා මෛත්‍රීය හිමියන්ගේ හංස සන්දේශය
- ශ්‍රී රාහුල හිමියන්ගේ පරවි සන්දේශය
- තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍යයෙකු විසින් රචනා කළ ගිරා සන්දේශය
- දෙවිනුවර තිලක පරිවේනාධිපති විසින් රචනා කළ කෝකිල සන්දේශය
* මෙයින් දීර්ඝතම සන්දේශය දෙවිනුවර සිට යාපනය දක්‌වා ගමන් මාර්ගය විස්‌තර කෙරෙන කෝකිල සන්දේශයයි.