විද්‍යුත් ආරෝපණ නිපදවීම සඳහා විවිධ උපකරණ නිර්මාණය කර ඇත.
එවැනි එක් උපකරණයක් නම් විම්ස්හර්ස්ට් යන්ත්‍රයයි.
මෙම උපකරණය නිර්මාණය කර ඇත්තේ ජේම්ස් විම්ස්හර්ස්ට් (1832 - 1903) ය.
මෙහි තිබෙන හැඬලය කරකවා යන්ත්‍රය ක්‍රියාත්මක කළ විට ඉහල ඇති ලෝහ ගෝල දෙකේ විද්‍යුත් ආරෝපණ එක්රැස් වෙයි.
ආරෝපණ වැඩිපුර එක්රැස් වූ විට ලෝහ ගෝල දෙක අතර විදුලි කෙටීමක් වැනි පුළිඟු පැනීමක් ඇති වේ.