කිනම් හෝ නර්නතයක ගුණාත්මකබව නිගමනය කිරීමට ඇති තවත් එක් ප්‍රබල සාධකයක් වන්නේ එකී නර්තන අංගය හා බැඳි ගායන, වාදන කොටස් අතර ඒකාග්‍රතාවයක් පවතීද? එවා නියම අයුරින් සුසංයෝගී වන්නේද යන්න විමසා බැලීමයි.
නර්තන අංගයක් සඳහා ගායනය යොදා ඇත්නම් එය නර්තනය සමඟ ගළපා ඇත්තේ කවර ආකාරයකින් ද? යන්නත් එම ගායනය මගින් නර්තනයට කවර ජීවයක් හා ප්‍රාණයක් ලැබෙයි ද? යන්නත්, හොදින් විමසිය යුතුය.
නර්තනය සඳහා යොදා ඇති චලන උක්‌ත ගායන ලක්‌ෂණ හා ගැළපේ ද යන්න අපේ අවධානයට හසුකර ගත යුතුය. යොදා ඇති ගායනා නර්තන අංගය හා නොගැළපෙන්නේ නම්, එයින් මිහිරක් විඳිය නොහැකි නම්, ගායනයෙන් නර්තන අලංකාරයට ප්‍රමාණවත් මෙහෙයක් ඉටු නොවන්නේ නම්, අප නරඹන නර්තන අංගය සාර්ථක අංගයක් යන නිගමනයට අපට එළඹිය හැකි නොවේ.
ගායනය
* සම්ප්‍රදායට හෝ අවශ්‍යතාවට ගැළපෙන්නක් විය යුතුය.
* ගැළපෙන නාද මාලාවකින් යුක්‌ත වීම.
* ශ්‍රවණයේදි මිහිරත්වයකින් යුක්‌ත විය යුතුයි.
* නර්තනය හා අංග චලන අතර මනාව සුසංයෝගී විය යුතුයි.
වාදනයේදී
* සම්ප්‍රදායන්ට, චලන රටාවන්ට අනුකූල විය යුතුය.
* ගායන විචිත්‍රත්වයනට සහ නර්තනයට අනුබලයක් විය යුතුය.
* තාල-ලය හා ධ්වනි මනාව පවත්වා ගත යුතුයි.
නර්තනයේදී
* තේමාවට, සම්ප්‍රදායට නැතහොත් නිර්මණ කාර්යයට උචිත චලන රටාවක් පැවතිය යුතුය.
* චලන විවිධත්වය සහ විචිත්‍රත්වය තිබිය යුතුය.
* අවශ්‍ය පරිදි තාල · ලය පවත්වා ගැනීම කළ යුතුය.
ඉහත කී අංග ලකෂණ මනාලෙස පවත්වාගෙන ඇත්ද යන්න නිරීක්‌ෂණයට හසු කර ගත යුතුය. විශිෂ්ඨ කලාකෘතියක් වන්නේ එකී ලක්‌ෂණ සාර්ථකව පවත්වාගනු ලබන නර්තන අංගයකි.