රූපවාහිනී නර්තන අංගයක් සජීව නර්තන අවස්‌ථාවකින් වෙනස්‌වන ප්‍රධාන කාරණා දෙකක් පාදක කොට ගෙනය.
* නර්තන ශිල්පීන් අභිබවා කැමරා ශිල්පියා සහ සංස්‌කරණ ශිල්පියා ඉස්‌මතු වේ.
* නර්තන විචිත්‍රත්වය සඳහා විවිධ තාක්‌ෂණික උපයා මාර්ග යොදා ගැනීම.
සජීව දර්ශනයකි දී කුමක් දැකිය යුතුද යන්න තීරණය කරන්නේ අපේ ඇසයි. එය විටෙක ශිල්පීන් සමූහය විය හැකිය. නැතහොත් සමූහයෙන් කැපී පෙනෙන එක් ශිල්පියකු විය හැකියි. නැතිනම් එක් චලන ඉරියව්වක් විය හැකියි. නමුත් රූපවාහිනී දර්ශනයක දී අප දකින්නේ කැමරා ශිල්පියාගේ ඇසිනි. අප දකින්නේ අපට අවශ්‍ය දෙය නොවන අතර කැමරාකරු පෙන්වන දෙයයි. මෙහිදී නර්තනයේ අවශ්‍ය අංග කැමරා ඇසෙන් ගිලිහී ගොස් ඇත්ද යන්න අපේ අවධානයට යොමුවිය යුතු වේ. තාක්‌ෂණික උපාය මාර්ග යොදා ගැනීමෙන් අපේක්‌ෂා කරනුයේ නර්තන අංගය තුල විචිත්‍රත්වය ඇති කිරීමයි.
* අධිවේගී හෝ මන්දවේගී දර්ශන
* විවිධ කෝණ ආශ්‍රිතව රූප ගත කළ දර්ශන
* විවිධ පසුතල හා පසුබිම් දර්ශන
* ඉතා සමීප දර්ශන
* මිශ්‍ර රූපතල (එකම රූප රාමුවක් තුළ අවස්‌ථා කිහිපයක් එක් කිරම)
* ගායන, වාදන සහ අනෙකුත් පසුබිම් ශබ්ද මනා ලෙස සංස්‌කරණය කොට පාලනය.
* විදුලි ආලෝකය හා විවිධ වර්ණ භාවිතයෙන් අපූර්වත්වයක් ඇති කිරම.
* ප්‍රතිබිම්බ නිර්මාණය.
ඉහත තාකෂණික උපාය මාර්ගයන්ගේ අරමුණ වන්නේ නැටුම් අංගය තුල විචිත්‍රත්වය ඇති කිරීමයි. නමුත් ඇතැම් අවස්‌ථාවලදී මෙකී උපාය මාර්ගයන්ම දර්ශන අලංකාරය හීන කිරමට ද හේතුවේ. ඔබේ වගකීම වන්නේ ඔබ නරඹන රූපවාහිනී නර්තන අංගයේ යොදාගෙන ඇති උක්‌ත තාක්‌ෂණික ක්‍රියාමාර්ග කවර ප්‍රමාණයකට නර්තනයේ ගුණාත්මක තත්ත්වය සංවර්ධනය කිරමට දායක ව ඇද්ද යන්න හඳුනා ගැනීමයි. නැතහොත් බාධකයක් ව ඇද්ද යන්න තේරුම් ගැනීමයි.