ස්වර්ණ පත්‍ර විද්යුත් දර්ශකය හා පරීක්‍ෂණය
 
විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීමට සුදුසු උපකරණය වන්නේ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයයි
එහි කොටස් පහත රූපයෙන් දැක්වේ.


ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයේ ලෝහ තැටිය වෙත ආරෝපිත වස්තුවක් ගෙන ආ විට, ස්වර්ණ පත්‍රය (තුනී රත්රන් තහඩුව) අපසරණය (එකින් එක ඈත්වේ) වනු ඇත.

යම් වස්තුවක් විද්‍යුත් ද්‍යුත් දර්ශකයක් වැනි වෙනත් ආරෝපිත වස්තුවක් අසල තිබියෙදී තාවකාලික ආරෝපණයක් ලැබීම ස්ථිති විද්‍යුත් ප්‍රේරණය නමින් හැදින්වේ. මෙම ක්‍රමය මඟින් එක් වස්තුවකින් තවත් වස්තුවක් තාවකාලිකව ආරෝපණය කළ හැක.
(c) Shilpa Sayura Foundation 2006-2017