හංස සන්දේශය
 
කෝට්ටේ යුගයේදී වීදාගම මහා තෙරුන් විසින් හංස සන්දේශය රචනා කළේ සවැනි පැරකුම්බා රජතුමාට සෙත් ශාන්තිය ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමටය. හංස සන්දේශය ඉදිරිපත් කරන්නේ වීදාගම මහා තෙරුන් විසින්, කෑරගල පද්මාවතී පරිවේණාධිපති යතිනායක වනරතන මහා ස්‌වාමීන් වෙතය. එය ඉදිරිපත් කළේ රටේ එවකට පැවති අවුල් වියවුල් තත්ත්වය හා රජයේ පවතින අවුල් වියවුල් තත්ත්වයන් මගහරවා රටටත්, රජයටත්, ජනතාවටත් පිරිත් කියා සෙත් පැතීම සඳහාය.

කෝට්ටේ යුගයේ අපරදිග ආක්‍රමණ වලින් ශ්‍රී ලංකාව පීඩාවට පත්ව තිබිණි. මේ කාල පරිච්ඡේදය වනවිට රට අභ්‍යන්තර වශයෙන් මෙන්ම බාහිර වශයෙන්ද පීඩාවන්ට ගොදුරු වෙමින් පැවතුනි. රාජ්‍ය අයිතිය සඳහා කෝට්‌ටේ, සීතාවක ආදී ප්‍රදේශවල බල අරගල ඇතිවෙමින් පැවතුණි. මේ නිසා රටටත් ජනතාවටත් සාමය අවශ්‍ය වී තිබුණි.

පිරිත් කියා රට සහ ජනතාව ආරක්‌ෂා කිරීමට පියවර ගන්නා ලෙස වීදාගම මහා තෙරණුවෝ විසින් කෑරගල පද්මාවතී පරිවේණාධිපති කෑරගල වනරතන මහා යතීශ්වරයාගෙන් ඉල්ලා සිටීම හංස සන්දේශයේ මූලික අරමුණ විය.

සන්දේශ රචක වීදාගම තෙරණුවෝ වන වනරතන හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ සමන්, විභීෂණ, උපුල්වන් හා කඳකුමර සතර මහ දෙවියන්ට පින් ලබාදෙන පිරිත් දේශනයක්‌ කරවා රජතුමා ආරක්‌ෂා කර ගැනීමට පියවර ගැනීමටය.

හංස සන්දේශය ආගමික නැඹුරුතාවකට යොමු වු සන්දේශ කාව්‍යයක්‌ ලෙස හැදින්විය හැකිය.

හංස සන්දේශය රචනා කළ වීදාගම තෙරණුවෝ අසහාය උගතෙක්‌ වීය.  උපන් කවි හැකියාව ක් හිමිව සිටි තෙරණුවෝ, ස්‌වභාව සෞන්දර්ය වර්ණනය පිළිබඳව අසීමිත කාව්‍ය කුශලතාවයක් දක්වයි. හංස සන්දේශයේ භාෂා විලාසය ද ජන කවි ආර පදනම් කරගත් ගැමි බස්‌ වහරය. වීදාගම තෙරණුවන්ගේ කාව්‍ය හැකියාව හා භාෂා ඥාණයද, කලා ප්‍රතිභා ශක්‌තිය ද හංස සන්දේශය සාර්ථක කාව්‍ය ග්‍රන්ථයක්‌ බවට පත් කළේය.

හංස සන්දේශයේ කාව්‍ය සංකල්පනා බොහෝ විට ආගමික අංශයට යොමු විය. අධ්‍යාත්මික ගුණවගාව තුළින් සසර ජයග්‍රහණය කරනවා සේම අන් සෑම අංශයකම ජයග්‍රහණය තහවුරු කරගැනීමට හේතුවන බව විශ්වාස කළ වීදාගම තෙරණුවෝ, ස්‌වකීය සන්දේශ කාව්‍යයෙහි අවස්‌ථාව ලද හැම විටකම අධ්‍යාත්මික අංශය ඉස්‌මතු කර දැක්‌වීමට තම කවි හැකියාව උපයෝගි කරගති.

හංස සන්දේශයේ කෑරගල වැනුම තුළින් ස්‌වභාව සෞන්දර්යයෙහි චමත්කාරයත්, චමත්කාර ජනක සොබා සුන්දරත්වය තුළින්ම සසර කතරින් එතෙර වන නිවන පසක්‌ කිරීමෙන් ලැබෙන අමරණියත්වයත් නිරූපණය කරයි. ඒ වග කාව්‍ය සංකල්පනාවකට ගොඩ නගන්නේ මෙසේය.

සාර බලය අඹ දඹ රඹ ද වල් පිට
මීර ජලය ඇළ දොළ කදු පිටින් බට
නෑර ලොලය වඩවයි දුටු දනන් හට
කෑරගල වැජඹෙයි මේ ලෙසින් සිට

(c) Shilpa Sayura Foundation 2006-2017