සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙහි සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් වශයෙන් පන්සිය පනස් ජාතක පොත හැදින්විය හැකිය. කුරුණෑගල යුගයේ දී රචනා වී ඇති මෙම කෘතිය එක් කර්තෘක කෘතියක් නොව කර්තෘ මණ්‌ඩලයක සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය හැකිය. මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කරන්නේ බෝසත් චරිතය, බුදුන්වහන්සේ බෝධිසම්භාර ධර්මයන් පිරූ ඉකුත් ආත්ම පිළිබඳ කතා මෙම ජාතක පොතට අන්තර්ගත වී ඇත. මෙහි සියලුම ජාතක කතාවල දක්‌නට ලැබෙන පොදු ලක්‌ෂණයක් වෙයි.
* වර්තමාන කතාව
* අතීත කතාව
* පූර්වපර සන්ධි ගැලපීම යනුවෙනි.
මෙහි වර්තමාන කතාව යන්නෙන් අදහස් කරනුයේ කවර කාරණයක් හෝ මුල්කරගෙන බුදුන් ජීවමාන කාලයේ දී ඇති වූ සිද්ධියකි. මේ කතාව පිළිබඳව දම් සභා මණ්‌ඩපයෙහි සාකච්ඡාවක් ඇති වූ කල්හි, භික්‌ෂුවක් හෝ උපාසකයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු හෝ සමකාලීනව පැවති කුමන හෝ කාරණයක් පිළිබඳව එය එසේ වීමට හේතුව කුමක්‌දැයි බුදුන්වහන්සේගෙන් විමසූ විට, මෙය මෙසේ සිදුවූයේ දැන් පමණක් නොවෙයි, අතීතයේදී ද මෙසේම වී යයි අතීත කතාව ගෙනහැර දැක්‌වීමයි.
අතීත කතාවට සම්බන්ධ වන්නේ ද වර්තමාන පුද්ගලයන්මය. වර්තමානයෙහි දී මෙම ගැටළුවට මුහුණ දෙන පුද්ගලයන් අතීතයේදී වෙනත් පුද්ගලයන් වශයෙන් හෝ සත්වයන් වශයෙන් ඉපදී ඇත. එසේ ඉපදී සිටියදීත් මෙවැනිම ප්‍රශ්නයකට ගොදුරු වී ඇතැයි බුදුන්වහන්සේ පැහැදිලි කර දෙයි. එසේ අතීතභවයේ සිදු වූ දේ වර්තමාන සිද්ධිය හා සම්බන්ධ කර ගැලපීම පූර්වාපර සන්ධි ගැලපීමය.
සිංහල ජාතක පොතේ උම්මග්ග ජාතකය, වෙස්‌සන්තර ජාතකය වැනි දීර්ඝ කතා පුවත් මෙන්ම වට්‌ටක ජාතකය වැනි කුඩා කතාද වෙයි. බෝධිසත්වයන් වහන්සේ පූර්ව කතා මෙසේ සාහිත්‍ය කෘතියක් වශයෙන් එළි දැක්‌වීමේ පරමාර්ථ රාශියක් මුදුන්පත් කරගැනීමක් වෙයි. මෙම ජාතක කතා මගින් කරනු ලබන මිනිස් ජීවිත විග්‍රහයක් වෙයි.
බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය යන ග්‍රන්ථවල මෙන්ම ජාතක කතා පොත ද රචනා කොට ඇත්තේ ශ්‍රව්‍ය ගෝචර රටාවට අනුවය. කෙනෙකු කියවන විට තවකෙකු එය අසාගෙන සිටීම ශ්‍රව්‍ය ගෝචර රටාව වන්නේය.