ක්‍රියාකාරකම 01
 

 

ප්‍රථමයෙන් පහත දැක්වෙන උපකරණ ලැයිස්තුව සපයාගන්න.

 

බීම බට දෙකක් ,

ඩ්‍රොවින් පින් 1ක්,

රබර් ඇබ 1ක්,

 

බීම බටයක හරිමැද ඩ්‍රොවින් පින් එකක් සවිකර ගන්න. රූපයේ දැක්වෙන ආකාරයට රබර් ඇබයක් වැනි ආධාරකයක් මත බීම බටය සංතුලනය කර තබන්න.

 

 

 

 

 

 

 

 

 

එවැනි තවත් බීම බටයක් ආරෝපණය කර සංතුලනය කර ඇති බීම බටයේ කෙළවරට ළං කරන්න.
කුමක් සිදුවේද?

 

 එම ක්‍රියාකාරකමේදි බීම බට දෙක ඈත්වේ. එනම් විකර්ෂණය වේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017