ස්ථිති විද්යුත් ආරෝපණ පරීක්‍ෂණ හා ජනිත වන ආරෝපණ
 
ඔබ ස්තිරිකිකයකින් ඇදුම් මදින අවස්ථාවක එම ඇදුම ආසන්නයට අත කිට්ටු කළ විට අතේ ඇති රෝම කෙළින් සිටින බව ඔබට දැනෙනු ඇත. 

ඔබ රූපවාහිණී යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමේදී රූපවාහිණී තිරය ආසන්නයට අත කිට්ටු කළ විට අතේ ඇති රෝම කෙළින් සිටින බවද ඔබට දැනෙනු ඇත.  

විවිධ පොලිතීන් හා ප්ලාස්ටික් ද්‍රව්‍යය තුළින් විදුලිය ගමන් නොකරන අතර ඒවා විද්‍යුත් පරිවාරක හදුන්වයි.
මෙම පරිවාරක ලෝම රෙදි කැබැල්ලකින් හොදින් පිරිමැද ඒ ආසන්නයට කුඩා පත්තර කැබළි වැනි ද්‍රව්‍යය කිට්ටු කළ විට ඒවා ආකර්ෂණය කරණ ආකාරය ඔබට දැක ගැනීමට හැකිවේ.

ඉහත සිද්ධීන් සලකා බලන විට විද්‍යුත් ආරෝපණ සහිත ද්‍රව්‍ය වලට සැහැල්ලු වස්තූන් ආකර්ෂණය වේ

පරිවාරක ද්‍රව්‍ය තුල ඒ ආකාරයෙන් රැස්වන විද්‍යුත් ආරෝපණ ස්ථ්ති විද්‍යුත් ආරෝපණ ලෙස හැඳින්වේ.
එක් ද්‍රව්‍යයක් මඟින් තවත් ද්‍රව්‍යයක් පිරිමැදීමෙන් කුඩා වස්තූන් ආකර්ෂණය කළ හැකි බව මුලින්ම සොයා ගත්තේ ග්‍රීක විද්‍යාඥයෙකු වන තේල්ස්ය.

ඔහු විසින් ඇම්බර් කැබැල්ලක් ලෝම රෙදි කැබැල්ලකින් පිරිමැදීමෙන් කුඩා කඩදාසි කැබලි ඊට ආකර්ෂණය වන බව සොයාගන්නා ලදී.
ග්‍රීක විද්‍යාඥ තෙල්ස් 

ස්ථ්ති විද්‍යුත් ආරෝපණ දෙකක් ඇති බව ඩුෆේ නම් විද්‍යාඥයා සොයා ගන්නා ලද අතර ඒවා 'ධන' හා 'සෘණ' ලෙස බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් නම් විද්‍යාඥයා විසින් නම් කරන ලදි.

විද්‍යාඥ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්

ඉහත කරුණු අනුව සේද රෙදි වලින් පිරිමදින වීදුරුවල ධන ආරෝපණත් ලෝම රෙදිවලින් පිරිමදින ඇම්බර්වල 
සෘණ ඈරෝපණ ද ඇති බව සම්මත වී ඇත.

පිරිමදින ලද ද්‍රව්‍ය දෙකක් ඇත්නම් ඒවායෙන් එක් ද්‍රව්‍යක් ධන ආරෝපණ වන අතර අනෙක් ද්‍රව්‍ය සෘණ ආරෝපණ වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017