සෞරග්‍රහ මණ්ඩලය සාරාංශය
 

සෞරග්‍රහ මණ්ඩලය සූර්්‍යයා හා ග්‍රහයින් නව දෙනෙකූගෙන් සමන්විතය.

සියඵම ග්‍රහයන් තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමනය වෙයි.

ප්‍රධාන උප ග්‍රහයන් හැරූනු විට උපග්‍රහයන් , ග්‍රහක , උල්කා , වල්ගාතරු වැනි වෙනත් ආකාශ වස්තූන් ද අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇත.

දැනට සොයා ගෙන ඇති තොරතූරු අනුව ජීවීන් සිටින එකම ග්‍රහ ලෝකය පෘතූවිය නිසා සෞරග්‍රහ මන්ඩලයේ අනෙකූත් ග්‍රහයන් අතර පෘතූවියට අද්විතීය ස්ථානයක් හිමිවෙයි.

පෘතූවිය ගෝලාකාර වස්තූවක් වුවද එය ගණිතමය ගෝලයක් නොවේ.

අක්ෂාංශ හා දේශාංශ පෘතූවියේ එක් එක් ස්ථානවල පිහිටීම නිශ්චිතව දැක්වීම සඳහා ජාත්‍යන්තරව යෙදාගත් මනංකල්පිත රේඛා සමූහයකි.
ලෝකයේ එක් එක් රටවල වේලාව නිවැරදිව සොයා ගැනීම සඳහා දේශාංශ භාවිතයට ගැනේ.

 


පෘතූවිය තම අක්ෂය වටා කැරකැවීම භ්‍රමණය ලෙසත් , භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් කිරීම පරිභ්‍රමණය ලෙසත් හඳුන්වයි. භ්‍රමණය නිසා දිවා රාත්‍රී ඇතිවන අතර , පරිභ්‍රමණය හේතූ කොට ගෙන ඍතූ භේදය ඇතිවෙයි.

පෘතූවියේ උපග්‍රහයා වන චන්ද්‍රයා වාතයත් ජලයත් නැති ජීවයෙන් තොර ආකාශ වස්තූවකි.
උදම් ඇතිවන්නේ චන්ද්‍රයාගේ හා සූර්යයාගේ එ්කාබද්ධ වූ ගූරුත්වාකර්ෂනය නිසාය.
චන්ද්‍රයා පිළිබඳව මෙතෙක් කර ඇති ගවේෂණ මිනිසාගේ ජයග්‍රහනය සඳහා හේතූ වී ඇත.


සංයුතිය අනුව පෘතූවිය වායුගෝලය , ජලගෝලය හා ශිලා ගෝලය වශයෙන් කොටස් 3 කට බෙදිය හැක.
වායුගෝලය , ජලගෝලය හා ශිලා ගෝලය අතර පවතින අන්තර් ක්‍රියාකාරිත්වයන් මිනිස් කටයුතූ හැසුරවීමෙහි ලා බෙහෙවින් බලපා ඇත.

ජීවීන්ගේ අනාගත පැවැත්ම සඳහා මෙම තත්වයන් වෙනස් කිරීමට මිනිසා තම අවධානය යොමු කල යුතූ කාළය එලඹ ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017